ලොව පුරා අලුත් පුවත් මවන මාතෘකාවක් : රහසිගතව පවත්වන දුරකථන සංවාදවල හඬපට අනාවරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වන විට ලොව පුරා අලුත් පුවත් මවන මාතෘකාවක් පැතිර යමින් පවතී ඒ, රහසිගතව පවත්වන දුරකථන සංවාදවල හඬපට අනාවරණයක් පිලිබඳවයි.

ඉකුත් සතියේ ඒ සම්බන්ධයෙන් කතාබහක් මතු වුණේ තායිලන්ත අගමැතිනිය හා කාම්බෝජයේ ප්‍රධානියෙකු සමඟ පැවැත් වූ දුරකථන සංවාදයක් අනාවරණය වීමත් සමඟයි. දැන් තවත් අගමැතිනියක් සිදු කළ දුරකථන සංවාදයක හඬ පටයක් අනාවරණය වී තිබේ. ඇය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනායි.

එම දුරකථන හඬ පටයෙන් අනාවරණ වී ඇත්තේ, පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීමට එවකට අගමැතිනි ෂෙයික් හසීනා විසින් අවසර දී ඇති බවයි.

එම දුරකථන හඬ පටයෙන් අනාවරණ වී ඇත්තේ, එහිදී හසීනා විසින් විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික අවි භාවිතා කිරීමට ආරක්ෂක හමුදාවන්ට බලය ලබා දුන් අයුරු සඳහන්ව තිබෙන බවයි. ඔවුන් සොයා ගන්නා ඕනෑම තැනක, ඔවුන්ට වෙඩි තබන ලෙස දන්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් ඉන්දියාවට පලා ගිය ෂෙයික් හසීනා සහ ඇගේ පක්ෂය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ විමර්ශකයින්ට අනුව මෙම නොසන්සුන්තාවයෙන් පුද්ගලයින් 1,400ක් පමණ මිය ගිය බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...