පිල්ලෙයාන් ගැන ඇඟ හිරි වැටෙන අනාවරණය!(VIDEO)

Date:

කොළඹ LNW:සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයක සිට ඇතැයි අද (09) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.

මඩකලපුව හිටපු මන්ත්‍රීවරයෙකු වන ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ වන විට ඔහු මඩකලපුව බන්ධනාගාර ගතව සිටියද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිට ඇති බවට මේ වන විට සිදුකර තිබෙන විමර්ශන මඟින් අනාවරණය වී ඇති බවයි විජේපාල මහතා සඳහන් කළේ.

ඒ වන විට යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක්ද පිල්ලෙයාන් සමඟ බන්ධනාගාර ගතව සිට ඇති අතර ඔවුන් පිල්ලෙයාන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

එම තත්ත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරගෙන යන අතර බොහෝ සංවේදී කාරණා හෙළිදරව් වී ඇති නමුත් ඒවා මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...