9.96 නම් මොකද්ද වැඩේ වීසානේ

Date:

යුපුන් අබේකෝන් මීටර් 100 තත්පර 10 ට අඩුවෙන් දිව ගිය පළමු ශ්‍රී ලාංකිකයා වී තත්පර 9.96ක් ව දිස් වන කාලඝණක යන්ත්‍රය ඉදිරිපිට සිට ඔහුට ශ්‍රී ලංකා බලධාරීන් නොසැළකූ බව කීවේය.මේ වන විටත් එම නිලධාරීන් ඔහුට කතා කර ඒ දේවල් පිළිගත්ත ද,ංකාවේකම කියන එක හේතුවක් නැතුව ඇඟේ දුවන පිරිස් යුපුන්ට අහේතුකව දමා ගසමින් සිටින්නේය.හැබැයි කවුරුන් කෙසේ දමා ගැසූවද සියල්ලෝම පිලිගන්නා ඇත්තක් ඇත.9.96 යන්න ලේසි පහසු පුතයෙක්ට කළ හැකි දෙයක් නොවන බවය.
මේ පුතාට පහසුවෙන හැටියට පසුබිම සකසන්න සිටින උන් ඒ දේ නොකළ බව පුතා කියද්දී තනියෙන් දුවා ඒ පුතා අරං දුන්න කීර්තියට වැඩිය පුතාගෙ පැත්තට රටින් තල්ලු කළ සොච්චම ලෝකයක් හැටියට සිතිය යුතු බව කියා සමහරු “ලෝකෙන් උතුම් රට ලංකාව බව” කියන්නට දත කෑහ.හැබැයි ඒ පුරසාරම් දේශප්‍රේමයෙන් පියවර ගණනාවක් එපිටට ගිය පුතා ඒ දේ ඇත්ත කරද්දී වචනවලින් සෑහෙන දේශප්‍රේමය කරේ වචනවලින් වීරයන් වීමය.
දැන් යුපුන් කී දේ ගැන යම්තාක් දුරට පැහැදිළි කර ගන්නට හැකි වී ඇත.යුපුන්ට ඉතාලියේ සිට ඇමෙරිකාවට ඒමට හෝ ශ්‍රී ලංකාවෙන් සහභාගි විමට යාමට සිටින ගයන්තිකා අබේරත්න සහ නිලානි රත්නායක යන දෙදෙනාටද මේ වන තෙක් වීසා ලබා ගන්නට බලධාරීහූ අසමත්ව සිටිති.තත්පර 9.96 මීටර් 100 දුවනවාට වඩා ඇමෙරිකාවට වීසා ලබා ගැනීම පමා වන්නේ ඇයි ද යන්න සෙවීමට හෝ රජයක් හැටියට එයට මැදිහත් වීමට ද තවමත් ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත.මේ දේවල් සපයන්නට නොහැකි රටක් ඒ දේවල් නොකරද්දීත් දුවන එවුන්,පනින එවුන් රටට ජයග්‍රහණ ගෙනෙද්දි ඇත්ත තත්ත්වය කී විට “කොහොම හර ඇරියනෙ” කියා ස්තූතියි කියන්න යැයි කියන පිරිසද ස්තූතිය බලාපොරොත්තුවන පිරිසද මේ රටේ දේශප්‍රේමයේ නාම පද මිස ක්‍රියා පද නොවේය.
මේ පමාව ගැන පසුතැවෙමින් යුපුන්ගේ ඉතාලි පුහුණුකරු ක්ලෝඩියෝ ලිසරෙඩෙලෝ ප්‍රකාශයක් කරමින් සිය සමාජ ජාලයේ සටහන් කරන්නේ වෙහෙසකර ගුවන් ගමණක් නිසා සඳුදා පිටත්වීමට සිටිය ද,එය ඉටු නොවනු ඇති බවයි.ඒ ගැන කණස්සල්ලෙන් ක්ලෝඩියෝ කරන සටහන ඇතුළේ දිවෙන ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ගේ අසමත්භාවය සුද්දෙකුට නැත්නම් ඉතාලි කාරයෙක්ට කතා කරන්න අයිතියක් නැති බව සිතන ලෝකෙන් උතුම් ජාතිය ගැන හැඟීම් ඇත්තෝ අවදි විය හැකිය.ඔවුන්ට සතුටු වෙන්නට තිබෙන දේ තමන්ගේ ජාතිය මීටර් 100 ක් තත්පර 10 ට අඩුවෙන් දුවනවටත් වඩා අසීරුවෙන් රටකට වීසා ලබා ගැනීමේ කාර්යයේ නිරතවෙන බව කීමය.ඒ ගැන ප්‍රශස්ති සටහන් ලිවීමය.බලධාරීන්ගේ නොහැකියාව ද ඇමෙරිකාව වැනි රටක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන පිළිගැන්මද යන්න සිතා බැලිය යුතු මේ තත්ත්වයෙන් හොඳින්ම පැහැදිළි වන්නේ අපේ වගකිව යුත්තෝ හොඳටම කරන බවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: අද (07) රාත්‍රී...

චාමිකගේ තුන් ඉරියව් හපන්කම් නිසා ග්‍රීන්, සූරතාව ගැන කොළ එළියකින් ජය මඟට පිවිසෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන...

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි!

ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය...

ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලියේ‍ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට.

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...