ගෝඨා ගෝ ගමට අන්තර්ජාලය, ජංගම දුරකතන තහනම් !

0
361

ඊයේ පස්වරුවේ සිට දිවයින පුරා අන්තර්ජාල සංඥා දැඩිලෙස බිඳවැටී තිබූ අතර මේ වනවිට එය යථා තත්වයට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් ගාලුමුවදොර අසල ගෝඨා ගෝ ගම අරගල භූමිය ආශ්‍රිතව ජංගම දුරකතන සංඥා සහ අන්තර්ජාල සංඥා ඉතා දුර්වල මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

මේ නිසා එම ස්ථානයේ ආවරණ කටයුතු සිදු කරන මාධ්‍යවේදීන් බරපතල අපහසුතාවයට පත්ව තිබේ. කොළඹ චැතැම් වීදිය ආශ්‍රිතව සිදුවන සිදුවීම් සජීවීව වාර්තා කිරීමට මාධ්‍ය ආයතනවලට හැකියාව තිබෙන නමුත් ගෝඨා ගෝ ගම අරගල භූමිය ආශ්‍රිත සිදුවීම් සජීවීව වාර්තා කිරීමට නොහැකි වී තිබෙන්නේ ජංගම දුරකතන සංඥා සහ අන්තර්ජාල සංඥා ඉතා දුර්වල මට්ටමක පවතින බැවිනි.

ගෝඨා ගෝ ගම අරගල භූමියට මීට ටික වේලාවකට පෙර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ අතර මේ වනවිට එම ප්‍රහාර නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

UN