*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

නතාෂාට නතාෂා විදියට ඉන්ඩ ඉඩ දෙමු ….

ඇය දන්නා කලාත්මක භාවිතයක් හරහා සිය ප්‍රේක්ෂකයින් අමතා කල හාස්‍යා්ත්මක රංගනයකදී භාවිත කල වචන දෙකක් නිසා ලේ කෝපයට පත් තලෙයිබාන් පන්නයේ සංඝයින් කීප දෙනෙක්ගේ උසි ගැන්මට නතු වූ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයින්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරනු පිනිස පනවන ලද පනතක්ම අධම ලෙස සහ හිතුවක්කාර ලෙස අවභාවිත කරමින් ඇයගේ සිවිල් අයිතිවාසිකම් සීමා කිරීමට තැත් කිරීමේ නින්දිත උත්සහයක ප්‍රතිඵලයක් ලෙස , නිකරුනේ මසක පමන කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදු වූ තවත් එක් අහිංසක තරුණියක් මිස මටනං නතාෂා වීරවරියක් නොවේ.

අධිපතිවාදී සිංහල බෞද්ධ රාජ්‍ය මතවාදය සමග ගැටීමේ දී, සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් කෙතරම් පීඩාවට සහ අසරනභාවයට පත් කරන්නේද යන්න පිළිබඳ තවත් එක් උදාහරනයක් මිස මටනං නතාෂා වීරවරියක් නොවේ.

වීරයා මරා දමා ගොඩාක් කල් ය.

ප්‍රමාද වී හෝ නතාෂාට ඇප ලැබීම ගැන සතුටට පත් වෙමි.ඇය වෙනුවෙන් රට පුරා නොයෙක් අයුරින් පෙනී සිටි සියලු දෙනාට, විශේෂයෙන් ඇය වෙනුවෙන් අධිකරනය හමුවේ පෙනී සිටි නීතිඥවරුන්ට ස්තුතිවන්ත වෙමි.

තවත් අතකින් පසු තැවෙමි.

මහාධිකරනය හමුවේ නීතිපතිවරයාගේ ස්ථාවරය බැලූ විට තව නොබෝ දිනකින්ම ඔහු මෙම නඩුව ඉල්ලා අස් කර ගත හැකියැයි හෝ මහේස්ත්‍රාත් අධිකරනයේ මූලික පරික්ෂන ය අවසන්ව , එහි උදෘත නීතිපතිවරයා වෙත යැවූ පසු, ඔහු මහාධිකරනය හමුවේ අධි චෝදනා ගොනු නොකරනු ඇතැයි හෝ ගොනු කලද නඩුවේ සුවිශේෂී අවස්ථාවක ඔහු අධි චෝදනාපත්‍ර ඉල්ලා අස් කර ගනු ඇතැයි අනුමාන කල හැකිය.

ඇතැම් විට මහාධිකරනය හමුවේ අධි චෝදනා ගොනු කරන මුල් අවස්ථාවේම අධිකරණයෙන් අවම සහ ලිහිල් දඬුවමක් බලාපොරොත්තුවෙන් නතාෂා නඬු විභාගයට නොගොස් වරද පිලි ගැනීමක් සිදු කරතැයිද අනුමාන කල හැකිය.

මා පසු තැවීමට ලක් කරන කාරනය එයය.

එසේ නොවී මහාධිකරනයේදී දෙපාශ්වයම දැඩි ස්ථාවරයක සිට පරිපූර්ණ නඬු විභාගයකට මුහුන දී, එහි දෙන තීරණයෙන් අතෘප්තියට පත් වන පාර්ශ්වයක් හරහා මෙම නඬුව අභියාචනයක ස්වරූපයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තෙක් යොමු වන්නේනම් මං කැමතිය.

එවිට ICCPR වැනි පනතක් මෙවැනි අවස්ථාවක භාවිතයට ගත යුතු ආකාරය ගැනත්, අදාල පනත ගැනත් පූර්න අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හරහාම අපට ලැබෙනු ඇත.

සෑම ආකාර අධිකරනයකටම එය පූර්වාදර්ශයක් වනු ඇත.

චැටර්ලි ආර්යාවගේ නඩු විභාගයෙන් අනතුරුව එංගලන්තයේ ප්‍රකාශන නිදහස, සභ්‍ය අසභ්‍යභාවය , බහුමානයන්ගෙන් කිරා මැන බැලිය හැකි කලා නිර්මාණයක් හෝ කලාත්මක භාවිතයක් නීතිය වැනි ඒකමානී කෝණයකින් විග්‍රහ කිරීමට යාමේ ආදීනව වැනි බොහොමයක් දේ ගැන නව කථිකාවක් ඇති වුනා පමනක් නොව ඒ හැම ⁣ක්ෂේත්‍රයකම නව පිබිදීමක් ඇති විය.

නතාෂාගේ නඩුව හරහා හෝ එවැනි ගැඹුරු සහ දියුනු සංවාදයකට මුල පිරිය හැක්කේ එවිටය.

එසේ නොමැතිව මෝඩ පහේ ජෝක්කෙකක් කල පමනින් සහ නිකරුනේ මාසයක් සිර දඬුවම් වින්ද පමනින් නතාෂා වීරවරියකට ඇන්දවීම මමනං නොකරමි.

එවැන්නන්ට සනිකව වීරත්වය ආරෝපණය කිරීමට යාමේ මෑත කාලීන ආදීනව ඇති තරම් අප අත් විඳ ඇත.

පෙර කී තරම් දියුනු සහ බරපතල සමාජ කියවීමකට ඉඩ කඩ විවර කර දීමට නතාෂා සමත් වන්නේනම් , එතෙක් මෝඩාභිමානය වීරාභිමානයක් නොකර , නතාෂාට නතාෂා විදියටම ඉන්ඩ ඉඩ දෙමු.

~ නීතීඥ වසන්ත සිරි වටගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan