නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහානායක හිමියන් බැහැ දකියි

Date:

නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපති පදවියට පත් ඒ මහතා ඊයේ (08) දින පෙරවරුවේ මහනුවර සංවාරයකට එක්විය.

දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව ඒ මහතා කෞතුකාගාරය සහ අලි ඇත් තටාංගනයේ නිරීක්ෂණයකට ද එක්විය.

අස්ගිරි මහා විහාරයට පැමිණි උදේනි රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

උන්වහන්සේ සමඟ සුදහ පිළිසඳරක නිරත වූ ඒ මහතා අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණියේය. එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටු ගුවන් හමුදාපතිවරයා මහා නායක හිමියන්ගෙන් ආශිර්වාද ලබා ගත්තේය.

මහා විහාරයේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමට ද ඒ මහතා අනතුරුව කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...