අතුරුගිරිය ඝාතනයට ආධාර අනුබල දුන්  සැකකරුවන් 07ක් පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

පසුගිය දින ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්  සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයක් විවෘත කිරිමේ අවස්ථාවේ එල්ල වු වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු මරණයට පත් විය.

සිද්ධියෙන් තවත් 4 දෙනෙකු තුවාල ලැබූ අතර, එම සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවලදී  බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා කොට්ටාව හා අතුරුගිරිය පොලිස් ස්ථානවල නිලධාරීන් සැකකරුවන් 07  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ඔවුන් අහුංගල්ල ,බලපිටිය,ගණේමුල්ල ,අම්බලන්ගොඩ හා බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මෙම පිරිස අතර ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ද වේ.

එමෙන්ම වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරියට පැමිණ අපරාධය සිදු කිරීමට පෙර නිවසේ ගාල් කර තිබූ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු ද මෙම පිරිසට ඇතුළත් බව පැවසේ.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...