ජනාධිපති ට්‍රම්ප් බ්‍රසීලයට 50%ක තීරුබදු පනවමින් බෝල්සනාරෝගේ නඩුව අවසන් කරන ලෙස ඉල්ලයි

0
233

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීලයේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා 50% ක බද්දක් පැනවීමට සැලසුම් කර ඇති බවත්, එය අගෝස්තු මස 01වන දා සිට ක්‍රියාත්මක වන බවත්, හිටපු ජනාධිපති දක්ෂිනාංශික බෝල්සනාරෝගේ නඩුව අවසන් කරන ලෙස නිවේදනය කර තිබේ.

මෙම නව බද්ද බ්‍රසීලය වෙනුවෙන් ධවල මන්දිරය කලින් ප්‍රකාශයට පත් කළ 10% ක බද්දෙන් සැලකිය යුතු වැඩිවීමක්වන අතර පසුගිය සතියේ බ්‍රසීලයේ සත්කාරකත්වය යටතේ රියෝද ජනයිරෝ නුවර සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ගේ කණ්ඩායම හෙවත් බ්‍රික්ස් සමුළුව පැවැත්වුන අතර ට්‍රම්ප් බ්‍රසීලය ඇතුළත් කණ්ඩායම ඇමරිකානු විරෝධී ලෙස හැඳින්වූ අතර එම රටවලට අමතර 10% ක තීරුබදු අය කරන බව පැවසීය.

ඒ අනුව යමින් මෙම නව බද්ද පනවා ඇති අතර සමාජ මාධ්‍ය සටහනකට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා පැවසුවේ බ්‍රසීලය සඳහා තීරුබදු වැඩි කිරීම ප්‍රතිප්‍රහාරාත්මක තීරණයක් වනු ඇති බවයි.

එමෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ හිත මිත්‍ර ජෙයාර් බොල්සොනාරෝ 2022 මැතිවරණය අවලංගු කිරීමේ කුමන්ත්‍රණයක ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් මේවන විට නඩු පැවරීමට මුහුණ දී සිටින අතර මෙය ජාත්‍යන්තර අපකීර්තියක් වන බවයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සිය සමාජ මාධ්‍ය හරහා සඳහන් කර තිබුණේ, ජාතියේ අධිකරණ පද්ධතියට සිදුවන ඕනෑම මැදිහත්වීමකට එරෙහිව ඔහු අනතුරු අඟවන බවත්, බ්‍රසීලය කිසිවෙකුගෙන් මැදිහත්වීම් පිළිගන්නේ නැති බවත්, කිසිවෙකු නීතියට ඉහළින් නොමැති බවත්, ලෝකය වෙනස් වී ඇති බව ජනාධිපති ට්‍රම්ප් දැනගත යුතු බවත්, සිය රටට අධිරාජ්‍යයෙක් අනවශ්‍ය බවත්ය.

ට්‍රම්ප් සහ බොල්සොනාරෝ අතර සමීප සබඳතාවක් ඇති අතර 2019 දී ධවල මන්දිරයේදී මෙම යුවළ හමුවිය.බොල්සොනාරෝ බොහෝ විට නිවර්තන කලාපයේ ට්‍රම්ප් ලෙස හැඳින්විය.

පසුව දෙදෙනාම ජනාධිපතිවරණ පරාජයට පත් වූ අතර දෙදෙනාම ප්‍රසිද්ධියේ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ.

හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් 2021 ජනවාරි 6 වන දින වොෂින්ටන් DC හි එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප්ගේ ආධාරකරුවන් එල්ල කරන ලද ප්‍රහාරය මෙන් 2019 සහ 2022 අතර බ්‍රසීලය පාලනය කළ බොල්සොනාරෝ, ලූලා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු එය ප්‍රතික්ෂේප කරමින් 2023 ජනවාරි මාසයේදී අගනුවර රජයේ ගොඩනැගිලිවලට කඩා වැදුණු ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් සමඟ කුමන්ත්‍රණයකට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටී.