එක්දින තරගාවලියේ ජය ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායමට

Date:

නිශ්මං රණසිංහ ජූලි 10, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඕසට්‍රේලියානු සංචාරයේ ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයවීමට ශ්‍රී ලංකාවට සිඳු විය.පළමු තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුව ද,දෙවන තරගයේදී යළි දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකාව එම තරගය පහසුවෙන් ජය ගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සම කර ගැනීමට සමත් විය.එහෙත් නැවත තෙවන තරගයේදී අසාර්ථ වූ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම ඉදිරියේ කඩුලු 7 ක ජයක් ලද්දේ පන්දු ඕවර් 17.3 ක් ඉතිරිව තිබියදී ය.


කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 213 ක් රැස් කරන්නට සමත් විය.තරගාවලිය පුරාම අසාර්ථක වූ නායක ලහිරු උදාර මේ තරගයේදීත් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයින් වූයේ නුවනිඳු ප්‍රනාන්දු (40) සහ සහන් ආරච්චිගේ (47) ය.සොනාල් දිණූෂ (36) සහ ඉසිත විජේසුන්දර (23) අවසාන භාගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා තබන්නට යම් වෙහෙසක් ගත්ත ද ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායමට ඔරොත්තු දෙන තරමට එම ලකුණු පූවරුව ඔසවා ගන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැත.


ඒ පසුබිම මත පන්දුවට පහර දීමට පැමිණි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ආතතියකින් තොරව පන්දුවට පහර එල්ල කළ අතර ලකුණු 215 ක් රැස් කිරීම පන්දු ඕවර් 32.3 දි සිඳුවද්දී වැය කළේ කඩුලු 3 ක් පමණි.අර්ධ ශතක තුනක් වාර්තා වී තිබිණි. කැම්බල් කෙල්ලාවේ(56),නායක මැට් රේන්ෂෝ (62) සහ නොදැවී ලකුණු 79 ක් ලැබී ජේසන් සංඝා ඒ අර්ධ ශතක තුනේ හිමිකරුවෝ වූහ.
පහතින් තරගයේ ලකුනු පූවරුවට පිවිසිය හැකිය. https://bit.ly/462CjQq

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...