180,000ක අල්ලසක් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙක් සහ රියදුරෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW: රු.180,000ක අල්ලසක් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත උතුර දිශාවෙහි රාජකාරී කළ දෙදෙනෙකුයි එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

රාගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (09) පස්වරුවේ රාගම සතොස වෙළෙදසල ඉදිරිපිටදී එම පොලිස් කොස්තාපල්වරයා සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිල්ල කරන ලද ත්‍රීරෝද රථ රියදුරුට මත් කුඩු අලෙවිකරන බවට චෝදනා කර ඔහුගේ නිවස පරීක්ෂා කර මත් කුඩු ග්‍රෑම් 50ක් තිබූ බවට නඩු පවරන බව පවසා නඩුව නොදමා සිටීමට ත්‍රීරෝද රථ රියදුරුගෙන් රු. 500,000ක මුදලක් ඉල්ලා ඇත.

අනතුරුව එම මුදල රු. ලක්ෂ දෙක දක්වා අඩුකර එම අවස්ථාවේදීම රු. 20,000ක මුදලක් අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ රියදුරු ලබා ගෙන ඇති අතර අනතුරුව ඉතිරි මුදල ලබාදෙන තෙක් ත්‍රීරෝද රථ රියදුරුගේ බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රය ඇපයට තබාගෙන තිබේ.

ඒ අනුව 180,000ක මුදල ලබාගෙන විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් උක්ත අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...