සුරාබදු ලොකු පුටුවට තඹුත්තේගමින් විශ්‍රාමික හමුදා නිලධාරියකු එවීම ගැන වෘත්තීය සමිති විරෝධය පළකරයි !

Date:

සුදුසුකම් සහිත නිලධාරීන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය පරිපාලන සේවයේ සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම පිළිබඳව සුරාබදු වෘත්තිය සමිති එකමුතුව සිය විරෝධය පළ කර තිබේ.

මෙම තනතුර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සිටියදී පරිබාහිර නිලධාරියකු පත් කළ සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම තනතුරට මීට පෙර පත්කර ඇත්තේ සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හෝ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බව වෘත්තිය සමිතිය එකමුතුව පෙන්වා දෙයි.

තවද රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු ප්‍රධාන තනතුරට පත් කිරීම සඳහා මීට පෙර ඇති කරගත් එකඟතාද කඩ කරමින් මෙම තනතුරට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත්කිරීම ගැටලුවක් බවද වාර්තා වෙයි.

නව සුරා බදු කොමසාරිස් ජෙනරාල් තනතුර සඳහා දෙපාර්තමේන්තු නිලධාරියකු පත්කරන ලෙස ඉල්ලා සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජූලි මස 6 වන දින ලිපියක් මගින්ද දැනුම් දී තිබේ.

දිගු කලක් තිස්සේ ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පලපුරුද්ද ඇති නිලධාරියකු පත් කිරීම තුළින් සුරාබදු ආදායම් ඉහළ නංවා ගතහැකි බවයි ඔවුන් එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරියකු පත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළදී මෙහි පවතින අසාර්ථකත්වය පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බවය. මේ ආකාරයෙන් සුදුසුකම් නොමැති පුද්ගලයින් ආයතන සඳහා පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ව්‍යුහය බිඳ වැටෙන බවද ඔවුහු පෙන්වා දෙති.

නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු වන අතර ඔහු තඹුත්තේගම ප්‍රදේශයේ උපත ලැබුවෙකි. ඔහු ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උප කුලපතිනි ආචාර්ය වසන්තා සුබසිංහගේ ස්වාමිපුරුෂයාද වන අතර ඇය ද ජනාධිපතිවරයා විසින් එම තනතුරට පත් කළේ මීට දෙසතියකට පෙර බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...