මේ හොරුත් එක්ක බෑ, මම කමිටුවෙන් ඉල්ලා අස්වෙනවා – විජිත හේරත් (VIDEO)

Date:

රටේ බංකොලොත්භාවයට හේතුවූ කරුණු සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවෙන් තමන් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“මේ රටේ ආර්ථිකය වට්ටපු එක ගැන හේතු හොයන්න දාපු කමිටුව. බලන් යනකොට ආණ්ඩුව පැත්තෙන් දාලා තියෙන්නෙ කවුද, නල්ලමලේ බඩු. සාගර කාරියවසම්, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි. ලොකුම විහිළුව ඒකෙ සභාපති සාගර කාරියවසම්. ඒ කියන්නෙ බැසිල්ම තමයි. බැසිල් තමයි ඒ කාලෙ මුදල් ඇමති. මේ ආර්ථිකය වට්ටපු එකේ ප්‍රධාන වග උත්තරකාරයා. උසාවියෙ නඩුවකුත් තියෙනවා. දැන් එයාගෙ ගෝලයා සාගර කාරියවසම් දැම්මා මේකෙ සභාපති කරලා. කණගාටුවට කරුණ, මගේ නමත් ඒ කමිටුවේ තියෙනවා. මේ හොරුත් එක්ක, මේ දූෂිතයොත් එක්ක අපේ රටේ ආර්ථිකය වැටිච්ච හේතු හොයන්න පුළුවන්ද ? බෑ ! ඒ නිසා මම ඔය කමිටුවෙන් අනිවාර්යයෙන් ඉල්ලා අස්වෙනවා. ලබන සතියෙම ලියුමක් යවනවා”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ගම්පහදී පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිරිධ හමුදා සාමාජිකයින්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...