පන්සල්වල සිද්ධි ෆේස්බුක් දැම්මොත් බලාගෙනයි – ලේකම් කේස්

Date:

විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිදුවීම් ප්‍රචාරණය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජ කැළඹීම් ඇතිවන බැවින් එවන් සිදුවීම් සමාජ මාධ්‍යයන්ට මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාරණපතිරණ මහතා පවසයි.

පසුගියදා නවගමුව, බෝමිරිය ප්‍රදේශය් ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පොලිසිය දැනුවත් කළ අතර පොලිසිය අදාළ සැකකරුවන්ව කඩිනමින් අත් අඩංගුවට ගත් බවයි ඒ මහතා සඳහන් කළේ.

එම සිද්ධියේදී භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහරදීම වැරදි බවත් එවන් සිදුවීම් සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී වඩාත් විමසිලිමත් විය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම අදාළ භික්ෂුව සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ මහානායක හිමිවරුන් විසින් බව පැවසූ අමාත්‍යාංශ ලේකම්වරයා ඊට බුද්ධශාසන අමාත්‍යාංශය මැදිහත් නොවන බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...