අඩු ආදායම් පවුල්වලට ඇමති අමරවීරගෙන් එළුවන්!

Date:

කොළඹ LNW:අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.

වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් රන්න, වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණි.

එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකිරෙන බව අමාත්‍යංශය සඳහන් කරයි.

රට තුළ එළු කර්මාන්තය සාර්ථකව සිදුනොවන හෙයින් එළු මස් සහ එළු කිරි ආනයන කරන තත්ත්වයක් පවතින හෙයින් ග්‍රාමීය මට්ටමින් එළු කර්මාන්තය නැංවීමටයි තීරණය කර තිබෙන්නේ.

මෙම වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.

රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබා දීම හා එළු පාලනය සදහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම මෙන්ම එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සදහා (Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සලසා දීමට ද නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...