ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන බදුල්ල ජන රැළිය ජූලි 14 විල්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන බදුල්ල දිස්ත්‍රික් ජන රැළිය ජූලි මස 14 දින පස්වරු 2.00 ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව පෙරදැරි කොටගෙන පැවැත්වෙන තෙවන ජන රැළිය මෙයයි.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් විසින් බදුල්ල ජන රැළිය සංවිධානය කරනු ලබයි.

නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජනරැළි මාලා දැනටමත් පවත්වා තිබේ. ශ්‍රිලනිප ප්‍රමුඛ නව සන්ධානය සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජන රැළි පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ හරහා රටේ ජන බලය නිවැරදි දිශානතියකට ඒකරාශි කිරීමට නියමිතව ඇත. විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන එකතුවෙන් දිනෙන් දින නව සන්ධානය ශක්තිමත් වෙමින් තිබෙන බව නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...