වෙඩි ප්‍රහාරයෙන් මියගිය හිටපු චීවරධාරියාගේ ගිණුමක ලක්ෂ 600ක් ? ප්‍රහාරය අනුර කුමාරටත් ජීවිත අවධානමක් ඇති කරලා.

Date:

ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමේදී මියගිය නයන වාසල එදිරිසූරිය නැමති පුද්ගලයාගේ ගිණුමක රුපියල් ලක්ෂ 600ක මුදලක් තිබී ඇති බව පැවසෙනවා.

ගම්පහ මහානාම නමින් පැවිදිව සිටි මෙම පුද්ගලයා රුවන්වැල්ල ගෝනගල්දෙනිය වහරක දම්සක් විහාරයේ විහාරාධිපති ලෙස සිට ඇති බවත් මිය ගිය මොහොත වන විට කේ සුජීවා මහත්මියගේ සැමියා ලෙස සිට ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා මෙම අනාවරණය කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්.

ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම සමඟ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජීවිතයද අවධානමකට ලක්ව ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ අනුර කුමාර දිසානායක මහතා දේශපාලන වශයෙන් තර්ජනයක් විය හැකි කණ්ඩායම්ද මේ අයුරින් සැලසුම් සහගත් ලෙස ඝාතන සැලසුම් දියත් කිරීමේ ඉඩක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මියගිය නයන වාසල එදිරිසූරිය නම් පුද්ගලයා පැවිදි සමයේ ජනප්‍රිය ධර්ම කථිකයෙකු වී ඇති අතර කොරෝනා සමයෙන් පසු ඇති කර ගෙන තිබු පුද්ගලික හිතවත් කමක් මත උපැවිදි වී කේ සුජීවා නමැත්තිය සමඟ දිවි ගෙවා ඇති බව වාර්තවනවා.

ඔහු පැවිදි සමයේ ධර්මදේශනා තුළින් විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවද සඳහන්.

එමෙන්ම ඔහු භාවිත කර තිබෙන්නේ ද නවීන BMW මෝටර් රථයක් බවද අනාවරණය වී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...