ඩයනාට නඩු පිට නඩු!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

ආගමික හා විගමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද නඩු පවරා තිබෙන බව පැවසේ.

ඇප මත සිටින ඩයනා ගමගේ විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිලි ගොනු කරමින් නඩු පැවරූ අතර චෝදනා කියවාදීම අගොස්තු 01 දින සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවෙල දන්වා සිටි බව සඳහන් වේ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද දින නිවාඩු ලබා ඇති බැවින් චෝදනා කියවාදීම මෙසේ කල් තබා තිබෙන බව පැවසේ.

නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...

රු.6500ක අල්ලසක් ගන්න ගිහින් තරුණ සේවා සභාවේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් 6500ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේ චෝදනාව...

එයාර් බස් ගනුදෙනුව:හිටපු මුදල් ලේකම්ගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න ක‍රයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන එයාර්බස් ගනුදෙනු චෝදනාවලට...

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය වැටලීමේ ජයග්‍රහණය පිටුපස සැඟවුණු තවත් කථාවක් එළියට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : තොරතුර ලැබී දින...