සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියකු විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය පිළිබඳ විමසීම සඳහා ය.

එම පහරදීමේ සිද්ධිය පිළිබඳ විස්තර විමසීමෙන් අනතුරුව වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ද දෙදෙනා සාකච්ඡා කර ඇති අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය දෑ කතාබහ කරගැනීම සඳහා පියවර ගැනීමට එකඟතාවක් ද ඇතිකරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...