සමඟියෙන් මැතිවරණ කොමිසමට තවත් පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම සඳහා ශ්‍රී ලංකා පොලීසිය යොදා ගැනීම හා රජයේ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරන උත්සහයක් ගැන සමඟි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.

සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එම ලිඛිත දැනුවත් කිරීම සිදුකර ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන්,පොලීසියේ සම්පත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යුතු ලෙස යොදා ගනිමින් තිබෙන බවටයි එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ.

මේ වන විට රජයේ මුද්‍රණාලයේ සේවකයින්ට දිරි දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන අතර රජයේ මුද්‍රණාලය නව ස්ථානයක් ස්ථානගත කිරීමටද තීරණයක් ගෙන ඇති බවත් මේවා මැතිවරණය සඳහා සෘජුව බලපැවැත්වෙන බවයි සමඟි ජන බලවේගය පෙන්වා දෙන්නේ.

එහෙයින් මෙම තත්ත්වයන් වැලැක්වීම සඳහා මැදිහත්වන ලෙස ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...