සුසන්තිකාගේ මවට අපේ අවසන් ගෞරවය

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 11. (LNW) කොළඹ :

රබර් කට්ටියේ වෑහුණ කිරෙන් නිවා කුස ගින්දර
තැබූ මවයි ඈ වෙන්නේ තනා දුවක් ලොව අද්දර
ලොව දිණුමට රට බබලා දූගේ දෙපා සවි දැඬි කර
කෙරූ පිනට රටේම හිස නැමෙන මවක් ඔබ පිං බර

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ මෑණියන් වන මැණික්පුරගේ බේබිනෝනා මාතාව දිවි සැරිය නිමා කර ඇත.ලංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් පදක්කමක් මෙන්ම ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ පදක්කමක්ද දිනා දෙමින් රටේ සියලුම පුරවැසියන්ට ලෝකය ඉදිරියේ ආඩම්බර විය හැකි දුවක් තැනීම වෙනුවෙන් ඇය විඳි දුක් ගැහැට අපමණය.ඉතිං එවැනි වීරියවන්ත කාන්තාවක් වන ඇයගේ නික්ම යාම මොහොතේ අපි අපේ උත්තමාචාරය ඒ ශ්‍රේෂ්ඨ මාතාව වෙනුවෙන් පුද කරමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...