මත්තල ගුවන්තොටුපොළ ව්‍යාපාරික සැලැස්මකින් තොරව හදපු එකක්. ණය කන්දක් ගොඩගැහිලා : ඇමති බිමල්

Date:

රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ LNW :

මත්තල ගුවන්තොටුපොළට ව්‍යාපාරික සැලැස්මකින් තොරව හදපු ගුවන්තොටුපොළක් බවත් ඒ සමඟ පසු පස එන ණය කන්දක් ගොඩගැසී තිබෙන බවද, ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

තවද,එය ඩොලර් මිලියන 260ක විශාල නය කන්දක් බවත් 2030 වනතෙක් එය ගෙවීමට ඇති බවද පැවසීය. කටුනායකින් උපයන ධනය මෙතෙනට ගෙනැවිත් දමන බවත් ඉන් විශාල මුවල් නාස්තියක්ද සිදුවෙන බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි උත්සාහ කරනවා මත්තල ගුවන්තොටුපොළට ප්ලෙන් ගෙන්වන්න පුළුවන් මට්ටමට ගොඩනගන්න. අපි හිතන්නේ නෑ අවුරුද්දකින් දෙකකින් ඉතාම ඉහළ මට්ටමට ගන්න පුළුවන්  කියලා.නමුත් මේ ගුවන්තොටුපොළ තිබීම නිසා අපට විශාල වියදමකුත්, ණයකුත් තියෙනවා. ඒ වගේම ලංකාවට විකල්ප ගුවන්තොටුපොළක් අවශ්‍යයි. ඒ සඳහා මේක අපට අමතර වාසියක් වෙලා තියෙනවා.

දැනට අපි සාකච්ඡා කරගෙන යන දේ තමයි ගුවන්යානා ගෙන්න ගැනීම පිළිබඳව. ඒක විශාල කාරණයක්. ඒකට නිසි අයෝජකයන් ගෙන්න ගන්න ඕනි. එතනදී මේ බිස්නස් එක කරන්න පුලුවන් අය නැතුව, තියෙන එක ගලවන අය නෙවෙයි. මේ අතර ප්ලේන් අලුත්වැඩියා කරනවා වගේ ව්‍යාපාර කරන්න පුළුවන්. ගුවන්තොටුපොළේ විශාල ඉඩකඩක් තිබෙන නිසා ගුවන් පථයෙන් පිට ප්‍රදේශවල සෝලා පැනල් වගේ ව්‍යාපාරයන්ට යන්න යෝජනා කරලා තියෙනවා.

මේක ඇත්තටම ව්‍යාපාරික සැලැස්මකින් තොරව හදපු ගුවන්තොටුපොළක්. ණය කන්දක් ගොඩගැහිලා තියෙනවා. ඩොලර් මිලියන 260ක ණයක්. 2030 වෙනකම් ගෙවන්න තියෙනවා. කටුනායකින් උපයන ධනය මෙතෙන්ට ගෙනත් දානවා. මුදල් නාස්තියක් සිදුවෙනවා. මේක පාළු ගුවන්තොටුපොළක්” යැයි පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...