චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනය සහ ඇමරිකාව ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යන බව චීනය පවසනවා. එළඹෙන අගෝස්තු ආරම්භයේ චීන-ඇමරිකා සාකච්ඡා යළි පවත්වන්නේද යන්න පිළිබඳව මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා He Yongqian මහත්මිය මේ බව සඳහන් කළා.

මෙම වසරේ මැයි මාසයේ සිට, චීන හා ඇමරිකා රාජ්‍ය නායකයින් එළඹ ඇති එකඟතාවන්හි මඟ පෙන්වීම යටතේ, දෙපාර්ශ්වයේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම් ජිනීවා සහ ලන්ඩනයේදී ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා පවත්වනු ලැබුවා. ඒ ඔස්සේ සම්මුතියකට එළඹි බව ඇය සඳහන් කරා. දෙපාර්ශ්වය අදාළ පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෙරට ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාවර වී‍ ඇති බවයි ඇය පැවසුවේ.‍

චීන-ඇමරිකානු නායකයන්ගේ වැදගත් එකඟතා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාවයේ ස්ථාවර, විධිමත් හා අඛණ්ඩ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව වන බව ද ඇය සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...