මෙණ්ඩිස් පියවර 10 ක් පෙරට එයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 11, කොළඹ LNW:

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව කුසල් මෙණ්ඩිස් ස්ථාන 10 න් පෙරට පැමිණ 10 වන ස්ථානයට පත්ව තිබෙනවා.පිතිකරු ශ්‍රේණිගත කිරීමේ මුල් සිය දෙනා සළකා බලන විට ඉහළම වර්ධනය පෙන්වමින් කුසල් මෙණ්ඩිස් 10 වන තැනට පැමිණිම සුවිශේෂී සිඳුවිමක් වන අතර අටවන ස්ථානයේ සිටි චරිත් අසලංක ද හය වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.


කුසල් ඉතා දුෂ්කර කාලයක් පසු කරළ අතර ඔහු තරම් සමාජ මාධ්‍ය ඉදිරියේ අවමානයට ලක් වූ වෙනත් ක්‍රීඩකයෙකු මෑත කාලයේ දකින්නට ලැබෙන්නේ නැහැ.ඔහු කණ්ඩායමේ සිටීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව වෙනුවට ක්‍රිකට් පරිපාලනය දැඩි විවේචනයකට බඳුන් වූ අතර එහි ඇති විශේෂ සැළකීමක් සහ පිළිගැනීමක් නිසා ඔහු අසමත් වෙද්දී ද කණ්ඩායමේ රඳවා ගෙන සිටින බවට විශාල වශයෙන් චෝදනා එල්ල වුණා.


කෙසේ නමුත් සාමාන්‍ය පිතිකරුවෙකු අසමත් වූ විට නොලැබෙන ඉඩක් පැමිණෙන සියළුම තේරීම් කමිටු කුසල් මෙණ්ඩිස් වෙනුවෙන් වෙන් කළ අතර ඒ සියළු දෙනාම ඔහු අසාර්ථක වෙද්දී පවා වෙනස් දක්ෂ පිතිකරුවෙකු ලෙස කුසල් සම්බන්ධයෙන් විශ්වාසය තැබුවා.එම විශ්වාසයට මේ වන විට කුසල් යම් සාධාරණයක් ඉටු කරමින් සිටින බවත් දැකිය හැකි අතර බංගලාදේශයට එරෙහි එක්දින තරගවෙලියේදී ඔහු දැක් වූ දස්කම් ඉතා ඉහළ මට්ටමක පැවතිණි.ඒ දස්කම් නිසා ජූලි 8 වන දා සිඳු කළ නව ශ්‍රේණිගත කිරීම්වලදී මෙන්ඪිස්ට 8 වන තැනට පිවිසීමට හැකි වී තිබෙන අතර මේ වන විට ගෙවුණු විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේදී ද කුසල් මෙණ්ඩිස් විශිෂ්ඨ ඉණිමක් ක්‍රිීඩා කර එම තරගයේදී වීරයා වූ බැවින් ඉදිරි තරගවලදී ස මේ රිද්මය පවත්වා ගැනීමට ඔහුගේ අවධානය යොමු විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...