කොමිසම මඟහරිනවා. අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරන්න – හිටපු ඇමති රාජිතට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණයට යයි!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවේ ඉල්ලීමක් කර තිබේ.

රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසමට පැමිණ විමර්ශනවලට සහාය දැක්වීම මඟහරිමින් සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

එවැනි නියෝගයක් නිකුත් කිරීම සඳහා එම විමර්ශනයට අදාළ වාර්තා අධිකරණයට අවශ්‍ය බැවින් අදාළ වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණු අතර අල්ලස් කොමිසමට රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිමය බාධාවක් නොමැති බවද පවසා තිබේ.

ඒ අනුව අධිකරණයේ කරුණු දැක්වීමට අනුව ඉදිරියේදී ලේඛන සහිතව අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් පවසා ඇත.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට පාඩුවක් කර ඇති බවට වන විමර්ශනයට අදාළව රාජිත සේනාරත්න මහතා සැකරුවෙක් ලෙස නම් කිරීමට අල්ලස් කොමිසම කටයුතු කර තිබේ.

රාජිත සේනාරත්න මහතා ධීවර ඇමතිව සිටියදී ධීවර වරාය නීතිගත සංස්ථාවට ඉදිරිපත් කළ වැලි කැණීමේ ව්‍යාපෘතිය කොරියානු සමාගමකට පැවරීම හේතුවෙන් රජයට රු. ලක්ෂ 263කට අධික පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...