ඉන්දීය හමුදා ආක්‍රමණය බොරු කතාවක් – ඉන්දීය මහ කොමසාරිස්

Date:

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීමට සූදානම් වන බවට පැතිර යන පුවත් සාවද්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. එවැනි කිසිදු උත්සාහයක් නොමැති බවත්, පැතිර යන වාර්තා සහ අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට කිසිසේත්ම නොගැලපෙන බවත් මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම සහ ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය සහ ප්‍රගතිය අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ජනතාව සමග ඉන්දියාව නිරන්තරව රැඳී සිටින බවද ප්‍රකාශ කරනවා.

ඉන්දීය හමුදා මෙරටට පැමිණෙන බවට පුවත් පැතිර ගියේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ට නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි මහතා නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයක් පාදක කර ගනිමිනි. ඔහු එම ටිවිටර් පණිවුඩයේ සඳහන් කර තිබුණේ රාජපක්ෂ පවුලට සහාය දැක්වීම සඳහා අවශ්‍ය නම් ඉන්දීය හමුදා ශ්‍රී ලංකාව වෙත පිටත් කර යැවිය යුතු බවට තමා ඉන්දීය මධ්‍යම රජයට යෝජනා කරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද රටේ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව සිටින බැවින් එවැනි නීත්‍යනුකූල පාලනයක් පෙරළා දැමීමට මැර පිරිස්වලට ඉඩ නොතැබිය යුතු බවද සුබ්‍රමනියම් ස්වාමි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ නමුත් මෙම යෝජනාව සඳහා ඉන්දීය මධ්‍යම රජය එකඟතාවය පළකර නොමැති අතර, කිසිදු හමුදා නිළධාරියෙකු ශ්‍රී ලංකාව වෙත නොපැමිණෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...