*
Monday, September 23, 2024
spot_img

Latest Posts

පුරවැසියාට පාරෙ බැහැල යන්න බැරි තරමට ලැජජා නැති වැඩ කරන පාලකයන් සිටින රටක පුරවැසියෙක් වූ අසරෙන්කෝ

යුද්ධය යනු වින්දනය සපයන දෙයක් නොවේය.එයින් ඉතුරුවන්නේ විඳවන්නන් පමණි.ක්‍රීඩාව ද මේ යුද්ධයේ කොටසක්ම වන්නේ යුද්ධය සමාජයෙන් බැහැරව පවතින දෙයක් නොවේය.ඒ නිසාම එය ක්‍රීඩාවේ ආශ්චර්යය,උද්යෝගය,ජය හා පරාජයේ ඇති දරා ගැනීමේ අපූරු ශක්තිය වැනි ගුණාංගවලට කළු පැහැය එකතු කරන්නේය.මෙහි අලුත්ම අවස්ථාව අපට දැක ගන්නට ලැබෙන්නේ ඓතිහාසික විම්බල්ඩන් ටෙනිස් පිටයේය.සිඳුවීමට පාදක වන්නේ මේ වන විට තන්හාධික යුද්ධයක පැටලී සිටින රුසියාවට සහය දෙන බෙලරුසියානු ක්‍රීඩිකා වික්ටෝරියා අසරෙන්කා සහ එහී පීඩිතයන්බවට පත්ව සිටින සහ සටන්කාමීත්වය නිසා මෙන්ම අසාධාරණයට පාත්‍රවීම නිසා ගෞරවයටත්,ආදරයටත් පාත්‍රව සිටින යුක්රේන ක්‍රිඩිකා එලීනා ස්ව්ටෝලිනා අතර පැවති තරගයේදීය.

වර්ථමානයේ මුල් ක්‍රීඩිකාවන් 15 අතර සිටින වික්ටෝරියා වර්තමානයේ අංක 76 ද්කවා පහළ බැස සිටින ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභිණිය එලීනා හා තරගය අතිශයින් තියුණු මුහුණුවරක් ගත්තේය.ඒ ක්‍රීඩා රටාවෙන්ය.නමුත් ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශණය සහ උනන්දුව තරගයේ උද්යෝගීමත්බව විදින්නට පොළඹවාලන්නට දෙරට සම්බන්ධ යුද දේශපාලනය සම්බන්ධයෙන් වන තමන්ගේ රුචි අරුචිකම් ද එකතු කරන්නට ඇත.

තරගය ජය ගත්තේ එලීනාය.ලකුණු සටහන 2-6 6-4 7-6 (11-9) වීමෙන්ම එහි තිබුණු උද්යෝගය උණුසුම චලන රූපවලින් බැහැරව හදවතට අලවා ගන්නට තරම් සමත්කමක් ටෙනිස් රසිකයෙකුට දනවන සුළුය.එම ජයග්‍රහණය සම්බන්ධයෙන් වික්ටෝරියා සහ එලීනා අතර දැඩි එකඟත්වයක් සහ අවබෝධයක් පැවතියේය.මන්ද එලීනා ප්‍රතිපත්තිමය වශයෙන් “රුසියානු හමුදා යුක්‍රේනයෙන් පිටවී සිය ප්‍රදේශ නැවත ලබා ‍දෙන තුරු, ඇය රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩිකාවන්ට අතට අත නොදෙන බව කිහිප වරක්ම පවසා ඇති බැවින්ය.ඒ බව දන්නා වික්ටෝරියා අතින් සංඥාවක් කරමින් එලීනාට සුබ පැතීමක් සිඳු කර විනිසුරුට අත අත දී පිටව ගියාය.

නමුත් එය ප්‍රේක්ෂකයන් කියවා ගත් බවක් නොපෙණුනේ ඇයට ප්‍රෙක්ෂකාගාරයෙන් පැමිණි විරෝධී හඬ සහ හූ හේතුවෙන්ය.තිගැස්මට සහ කළබලයට පත්ව වික්ටෝරියා සිය දෑත් එකතු කර සංඥාවක් කර පිටව ගියේය.මේ අතර එලීනා සිටියේ ඇය ඔලිම්පික් පදක්කමෙන් පසුව දරු ප්‍රසූතිය සඳහා පිටියෙන් නික්ම ගොස් දියණිය ස්කයි ලැබීමෙන් පසුව ටෙනිස් පිටියට පැමිණ ලබා ගත් ඉහළම ජය ගැන උද්දාමයෙන්ය.එය ඇය මවක් වීමට පසුව ලද ඉහළම සතුට ලෙස හඳුන්වන්නට හේතුවන්න ඇත්තේ තරගයේ තියුණු බව මෙන්ම විම්බල්ඩන් යනු ටෙනිස් ක්‍රීඩාවේ සියල්ලන්ගේම උත්තරීතර සිහිනය ද වන නිසා විය යුුතුය.
නමුත් ඒ සුන්දරම ජයග්‍රහණයේ සොම්නස භුක්ති විදීම පසෙකලා ඒ ජය සටහන ගැන මැවෙන වේදනාත්මක රූප සහ අකුරු දෙස එලීනාට බලා සිටින්නට සිඳු වී ඇත.

“ඇය රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩිකාවන්ට අතට අත නොදෙන ප්‍රතිපත්තියේ සිටින බව මම දන්නවා.ඒ නිසයි එහෙම කළේ”
අතට අත නොදීම ගැන අසරෙන්කා වටා එකතුවන විරෝධය ඇය පිටතට තල්ලු කරන්නට වෙහෙසෙමින් පවසන්නීය.
යුද බිමක නොවන යුද වදින රටවල් දෙදෙනෙක් වුව ද ඒ කතාවේ ඇත්තේ යුද්ධයේ ඇති ප්‍රතික්ෂේප කිරීම් සහ පළිගැනීම් වෙනුවට ක්‍රීඩාවේ ඇති මානුෂික පිළිගැනීම්ය.ක්‍රීඩා පිටිය යුද පිටියට වඩා චමත්කාරජනක වන්නේ එබැවින්ය.

ඒ නිසා ඒ චමත්කාරය ලබා දෙන අයගේ ජාතිය,ජම්මය දේශය අප අදාළ කරගත යුතු නැත.ආත්මය ක්‍රීඩාව කරගෙන එය විදීම පමණක් කළ යුතුය.ක්‍රීඩා පිටියේ දී අසරෙන්කාට ස්විටෝලිනා පහර දුන්නේ නැත.ඇය තරගයේ දක්ෂතාව මත පරාජය කළා පමණය.ඒත් ප්‍රේක්ෂකාගාරය බර අවි රැඟෙන විත් තිබිණ.එයින් ඔවුහූ අසරෙන්කාට වෙඩි තැබූහ.එයින් අසරන්කා මිය නොගියද ක්‍රීඩාවට මාරාන්තික තුවාල සෑදිණ.ඒ නිසා කාටවත් වෙඩි තියන්න ඉලක්කය ගන්න ක්‍රීඩා පිටිය පාවිච්චි නොකරන්න.එහි වන ගැටුම අවි ගැටුමට වඩා අගනේය.සුන්දරය.සහෝදරණීය සහ මිත්‍රශීලිය.‍

යුද්ධය අසුන්දරය.එය ආත්මය කරගත් දේශපාලන රාජ්‍යයන් ද අසුන්දරය.බෙදී ගැටෙන ඒ අසුන්දරකම් පීතෘත්තවය වූ රටක සුන්දරකමේ අනන්‍යතාවය සහිත මිනිසුන් අසරණය.හරියට නරක පියෙක් නිසා පාරෙ බැස යන්නට බැරි තරමට අසරණ වන දරුවන් මෙන්ය.වික්ටොරියා අසරෙන්කා වින්දේ එවැනි නරක දේශයක නායකත්වය එහි ඉපැදි පුරවැසියෙකුට ලබා දෙන අසුන්දර දායාදයේ කටුකත්වය ය.එසේම වික්ටෝරියා අසරෙන්කාට අවඥාවට,අපහාසයට ලක් කළ අයද අසුන්දර මිනිස්සුය.පාලකයාගේ අධර්මිෂ්ටකම්වල වන්දි ගෙවන්නට වන පුරවැසියාගේ ඉරණම අසරෙන්කා විඳි බව කියමින් අත පිසගන්නට එහෙත් අපට නොහැකිය.යුද්ධයට විරුද්ධනම් අපි නිරන්තරයෙන් සිටිය යුත්තේ අනෙකා පෙළා දමන,තලා දමන උවමනාවන් සහිත මානසිකත්වයක නොවේය.ඒ නිසා වික්ටෝරියා අසරෙන්කෝට අපහාස උපහාස කළ මිනිස්සුද අධර්මිෂ්ඨ මිනිස්සුය.
එම සිඳුවීම සම්බන්ධ ටිව්ටර් රූ සටහන්වලට පහතින් පිවිසෙන්නට හැකියාව ඇත.

https://twitter.com/i/status/1678146679449452544
https://twitter.com/i/status/1678128048829243394

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan