*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ජයග්‍රහණ ස්ථාවර කර ගැනීමට පෙර කණ්ඩායම ස්ථාවර විය යුතුයි.

විස්සයි විස්ස සූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අහිමි විය.ඒ නවසීලන්ත කාන්තාවන් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙකම ජය ගැනීමෙන් පසුවය.දෙවන තරගය නවසීලන්තය ජය ගත්තේ කඩුලු අටකින්ය.චමරි අතපත්තු විශාල ලකුණු ගණනකට නොයා විස්සයි විසි තරගයක් ජය ගැනීමට නොහැකි බව මේ මොහොතට සාපේක්ෂව සිහි වුව ද,මෑත කාලයේ ශ්‍රී ලංකාව ලැබූ විස්සයි විස්ස ජයග්‍රහණ පිටුපස චමරිට වඩා හොඳ දස්කම් දැක් වූ පිතිකාරිණියන් හැටියට හර්ෂිතා මාධවී,නිලක්ෂි ද සිල්වා,කවීශා දිල්හාරි වැන්නියෝ වූහ.නමුත් චමරි ලකුණු අතරට ඒම ඒ අතරින් වෙනස් වන්නේ ඇයගේ දිගු ඉණිමක් යනු ශ්‍රි ලංකාවට වඩා විශ්වසනිය ජයක් වන නිසාය.

එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියේ මේ වන විට තරග පහක් ගෙවී අවසන්ය.එහිදී තරග දෙකකදි චමරි ශතක දෙකක් ලැබුවාය.එම තරග දෙකම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.ඉතිරි තරග තුනේදී චමරිගේ ලකුණු ලබා ගැනීම බින්දු දෙකක් සහ ලකුණු දෙකකි.එහි අරුත චමරිට කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යා හැකි බවනම් චමරි ඉතිරි තරගවල අඩුම තරමින් ලකුණු විස්සක් හෝ එකතු කරන්නට හැකි ශික්ෂණයක් පවත්වා ගෙන යා යුතුය.එම විස්ස යනු ලකුණු ලබා ගැනීමේ වේගය සියය ඉක්ම වූ එකක් වීම හරහාම සෙසු පිතිකාරිනියනට දැනෙන ශක්තිය සහ විශ්වාසය ප්‍රබලය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් යනු මේ මොහොතේ මේ තත්පරයට මෙන්ම අනාගයට ද යහපත් ලෙසින් වර්ධනය කළ හැකි මට්ටමක පසුවන බවත්,තිබුණාට වඩා පහසුකම් ප්‍රමාණයක් භුක්ති විඳින බවත් නිබොරුය.ඒවා ප්‍රමාණවත්ද යන්න පසුව සාකච්ඡාවට ගත යුතු අතර සාපේක්ෂව ඉතිහාසය හා සසඳද්දී යහපත්ය.
මේ මොහොත කාන්තා ක්‍රිකට් ලෝකය ජය ගැනීමේ හැකියාව තමන් සතුව ඇති බවත්,එහි මූලික ශක්තිය චමරි පදනම් කරගෙක ගොඩ නැඟෙමින් තිබෙන බවත් ඔප්පු කරමින් සිටින මොහොතක්ය.එය කණ්ඩායම තුළ මෝරා ව්‍යාප්ත වන්නට දෙන්නේ කෙසේද යන්නත්,කණ්ඩායමක් හැටියට එය දිගු සැළසුමකට පෙරට තල්ලු කරගෙන යන්නේ කෙසේද යන්නත් වෙනමම සිතිය යුතුව ඇත.

එක්දින තරගාවලියේදී ද තරග තුනට ක්‍රිඩිකාවන් යොදා ගැනීම හිතා ගන්නට අපහසුය.පළමු තරගය ජය ගැනීමෙන් පසුව දෙවන තරගයට පිවිසෙන විට කණ්ඩායම වෙනස්ය.තෙවැනි තරගයේදී ද වෙනස්ය.විස්සයි විස්ස තරගාවලියේදී ද තත්ත්වය තරග දෙකේදි කණ්ඩායම් දෙකක්ය.මේ ආකාරයට තරගයෙන් තරගයට කණ්ඩායම තුළ තමන්ට ඇති ස්ථානය අවිනිශ්චිත බව දනවන තේරීම් යනු යහපත් දෙයක් නොවේය.සංචිතයේ හැමෝටම අවස්ථාව ලැබෙන පරිදි ක්‍රීඩාව පවත්වාගෙන යාම වෙනුවට නිශ්චිත කණ්ඩායමක් සහ සංචිතයක් නඩත්තු කිරිම වැදගත්ය.එසේම හේතුවක් නැතුව පිතිකරු නාමාවලිය ඒ මේ අතට ගෙන ඒම ද නුසුදුසුය.

කොතැන කෙසේ පහර දෙන්නේද යන්න අත්හදා බලන්නට වන්නේ තරග ඇතුළේ නොවේය.එය තරගාවලියකට පෙර පුහුණු තරග පවත්වමින් සංචිතයන් ඇතුළේම සැළකිල්ල යොමු කර තරගයට පෙර සකසා ගත යුතු එකක්ය.විස්සයි විස්ස තරගවලදී චමරි අංක තුනට ගෙන ඒම වැදගත් බව අප මුල සිටම යෝජනා කළ අතර නමුත් ඇයට ක්ෂණික කඩුල්ලක් වැටීමකින් පසු අමතර පීඩනයක් එල්ල වේනම් එය නොකර සිටීම සුදුසුය.එක්දින තරගාවලියේ ශතකය ලබා ගැනීමෙන් පසුව අංක තුනට චමරි පැමිණියද ඇයගේ ඉණිම බින්දුවක් විය.
තරගයෙන් තරගයට ක්‍රීඩිකාවන්ව ඇතුළට සහ පිටතට ගැනීම මෙන්ම ඒ ආකාරයට පිතිකරු නාමාවලිය සම්බන්ධයෙන් කරන දාම් ඇදීම ද නරක එකකි.හරියට එම තත්ත්වයන් ස්ථාවර කර ගතහොත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යනු හොඳ එකකි.ජාත්‍යන්තර තරගවලදී ඒ අතට මේ අතට වෙනස්කම් කරමින් අත්හදා බැලීම් නවතා තරගාවලියකට පෙර කණ්ඩායම ගැන නිශ්චිත හඳුනා ගැනීමක් ඇති කර ගැනීම වැදගත්ය.

ක්‍රීඩිකාවන් වෙනස්වීම පිතිකරු නාමාවලිය වෙනස්වීම යන කරුණු කණ්ඩායමේ ජයග්‍රහණයට නැතිනම් ස්ථාවරභාවයට යම් බාධකයක් විය හැකිය.අතන ගහන්න මෙතැන ගහන්න ලෙස තරගයෙන් තරගයට උඩ පහළ යන පිතිකරු අංක ගැන මෙන්ම තරගයෙන් තරගයට වෙනස්වන කණ්ඩායම් සංයුතිය ගැන ද පහත සබැඳියෙන් පිවිස විමසා බලා ගත හැකිය.එය යම් ආකාරයක ආධුනික ලක්ෂණ පෙන්නුම් කරන තත්ත්වයක් යන්න අපේ හැඟීමය.

https://www.espncricinfo.com/series/new-zealand-women-in-sri-lanka-2023-1379754/match-schedule-fixtures-and-results

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan