*
Friday, October 11, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/11

01. ශ්‍රී ලංකාවේ ආර්ථික බංකොලොත්භාවය විමර්ශනය කිරීම සඳහා කතානායකවරයා විසින් පත්කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් සභාපතිත්වය දරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමජිකත්වයෙන් සමඟි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් මෙන්ම, තම පක්ෂය හා සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි: තමා එම කමිටුවෙන් ඉවත් වන බව මීට ඉහත අවස්ථාවක ජාතික ජන බලවේගයේ පා.ම. විජිත හේරත් විසින් පවසා තිබිණි.

02. 2023 සහ 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය එකතු කිරීම ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් (2340/03) නිකුත් කර තිබේ: සංගණන ආඥාපනතේ 02 වැනි වගන්තිය (පරිච්ඡේදය 143) මඟින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

03. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, අපනයනය, විකිණීම හෝ සැපයීම සඳහා වූ බලපත්‍ර රෙගුලාසි පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ: 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනතේ 07 වැනි වගන්තියට ප්‍රකාරව නිකුත් කරන ලද එම ගැසට් පත්‍රය, එම පනතේ 03 වැනි වගන්තිය යටතේ පත් කරන ලද කමිටුවේ උපදෙස් හා නිර්දේශ මත එම පනතේ 05 සහ 06 වගන්ති සමඟ කියවා ඇත: පනතේ 05 වැනි වගන්තියට ප්‍රකාරව රට තුළ ඛනිජ තෙල් ආනයනය, අපනයනය, විකිණීම, සැපයීම හෝ බෙදා හැරීම සඳහා මෙම රෙගුලාසි යටතේ බලපත්‍රයක් නිකුත් කර ඇති අයදුම්කරුවකු, ඕනෑම පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් වෙත මෙම රෙගුලාසි වලංගු වේ.

04. එළඹෙන සතියේ ජනාධිපතිවරයා විසින් නවදිල්ලියේදී සිදුකිරීමට නියමිත සංචාරයේදී බලශක්ති, විදුලිබල, සහ වරාය ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීමට ඉඩ ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසයි: ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජූලි 21 වන දින සිට ඉන්දියාවේ දෙදින නිල සංචාරයක යෙදීමට නියමිත අතර, එහි දී බොහෝ දුරට දිවයිනේ උතුරු ප්‍රදේශය ඇතුළුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලි පද්ධතිවල සම්බන්ධතා, වරාය සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති බව ද පවසයි.

05. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුට එළඹෙන ජූලි 14 වන දින එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණෙන ලෙස දන්වා තිබේ: මෙම මන්ත්‍රීවරුන් වන්නේ නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන්ද්‍ර රාඝවන්, චාමර සම්පත් දිසානායක, සහ රංජිත් සියඹලාපිටිය යන අයයි.

06. රටේ අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපනික පරිවර්තනයකට භාජනය වන අතර, විසිඑක්වන සියවසට සූදානම් වන සිසුන් බිහිකිරීමට අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි: ඒ සඳහා මානව සම්පත් කලමනාකරණය කරනු ලබන අතර, තිරසාර හා උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් බිහිකිරීම සඳහා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කරන බව ද පවසයි.

07. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණය හමුවේ ලබා දුන් ප්‍රතිඥාවක් කඩ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමකට අදාළව කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සාමාජිකයන් ට නොතීසි නිකුත් කරයි: ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ පැමිණිල්ලකට අදාළව සාක්‍ෂි දීම සඳහා තමාට එම කොමිසමෙන් සිතාසි ලැබුණු අතර, එබැවින් තමා ඊට එරෙහිව රිට් පෙත්සමක් ගොනු කළ බව අබේසේකර පවසයි: සේනාධිපතිගේ පැමිණිල්ලට අදාළව අබේසේකරගේ පෙත්සම විභාගයට ගන්නා තුරු ඔහුට එරෙහිව ක්‍රියා නොකරන බවට එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රතිඥා ලබා දී ඇති මුත්, එකී කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ තමාට එරෙහිව නිර්දේශ කිහිපයක් ඇතුළත් බව පවසයි.

08. “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අවශ්‍ය සියලුම සුදුසුකම් ලත් පුද්ගලයන් ඊට ඇතුළත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි: එම යෝජනා ක්‍රමයට අදාළව අභියාචනා 968,000ක් සහ විරෝධතා 17,500ක් ලැබී ඇති අතර, මේ පිළිබඳව නිවැරැදි තීරණ ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එකී අභියාචනා සහ විරෝධතා තක්සේරු කිරීම ආරම්භ කරන බව ද පවසයි.

09. ළමා ලිංගික අපයෝජකයකු ලෙස අධිකරණය හමුවේ වරදකරු වූ ගම්පහ, පහළගම, විද්‍යාරවින්ද පිරිවෙනේ නායක පූජ්‍ය පහළගම සෝමරතන හිමි දිගින් දිගටම දරුවන් සමඟ කටයුතු කිරීම සම්බන්ධව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන එකමුතුවක් වන ළමා ආරක්ෂණ සන්ධානය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් යොමුකර තිබේ: එක්සත් රාජධානියේ ඉල්ස්වර්ත් ක්‍රවුන් අධිකරණය (Ilsworth Crown Court) විසින් 2012 ජූනි 01 වන දින ළමා ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් මෙකී හිමිනමට එරෙහිව වසර 07 ක සිරදඬුවමක් නියම කරන ලදී.

10. වසර සියයකට අධික කාලයක් වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ගසක් වන Crudia zeylanica නොහොත් ‘ශ්‍රී ලංකා ලැගුම’ නමින් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලැබූ ගස හොර රහසේ කපා ඉවත් කර ඇති බව වාර්තා වේ: කොළඹ – නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මෙම ගස කපා දැමීමට සැලසුම් කර තිබූ අතර, පරිසරවේදීන්ගේ බොහෝ විරෝධතා මධ්‍යයේ එය ආරක්ෂා වී තිබිණි: කෙසේවෙතත්, ඒ සියල්ල නොතකා පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් මෙම ගස ඉවත් කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan