*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ලෝකයේ සෑම තත්ත්පර 20කට වරක්ම මාරක රිය අනතුරක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වසර ආරම්භයේ සිට 2023 ජූලි 09 වැනි දා දක්වා මාරක රිය අනතුරු 1126ක්  සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 1190 දෙනෙකු  මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි .

පොලීසිය පවසන්නේ රියැදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය  හේතුවෙන් රිය අනතුරු බොහොමයක් සිදුවන බවයි.

ලෝකයේ සෑම තත්ත්පර 20කට වරක්ම එක් පුද්ගලයෙකු රිය අනතුරක් හේතුවෙන් මියයන බවත් , ඒ අනුව දිනකට ලෝකයේ රිය අනතුරු හේතුවෙන් 3750 ක් මියයන අතර එය වසරකට මිලියන 1.2ක් 1.3ක් අතර අගයක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මාර්ගය භාවිත කිරීමේදී රියැදුරන්, පදිකයින්, පා පැදිකරුවන් ආදීන්ගේ නොසැලකිලිමත්කම අපරීක්ෂාකාරීකම සහ මාර්ග නීතිවලට අවනත නොවීම බොහෝ රිය අනතුරුවලට හේතුව බවයි පෙනී යන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan