අනුරාධපුරයේ එක දිනක තැන් දෙකක ක්‍රීඩා වැඩ සටහන් දෙකකි.වැඩ සටහන් දෙකම බැඩ්මින්ටන් ඇසුරෙන්ය.එක් තැනෙක ජාතික පුහුණුකරුවෙක්ව සිටි පුෂ්පකුමාර බැඩ්මින්ටන් පුහුණුකරු මූලික පාඨමාලව සඳහා සහභාගි වී සිටින පිරිසට අවශ්‍යය දැණුම බෙදා දෙමින් සිටියි.තවත් තැනක චන්දනයන් විසින් එයාර් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මූලික නීතිමය පද්ධතිය සහ හර පද්ධතිය උගන්වමින් සිටියි.මේ අවස්ථාවන් දෙකම නියෝජනය කරන්නෝ උතුරු මැද පළාතේ සහ උතුරු පළාතේ පුහුණුකරුවෝය.ක්‍රීඩකයෝය.නිලධාරිය.
උතුර යනු අවාසනාවන්ත මතක පොදි ගැසුණු ඛේදවාචක මතින් තවමත් නැඟිට අවසන් ඇති තැනක්ය.ජීවිතය තියෙන තුරුම තමන්ට අහිමි වූ සහෘදයා,ඥාතියා ගැන තැවෙමින් සිට මිය යන්න උරුමයෙන් ලියැවි මිනිසුන් බහුතරයක් සිටින භූමියක්ය.එහි ඉපදෙමින් තිබෙන බැඩ්මිව්ටන් ප්‍රමෝදය ගැන සාක්ෂි කරුවෙක් ලෙස අප සමඟ සම්මුඛ වූවේ උතුරු පළාත් බැඩිමින්ටන් සංගමයේ ලේකම් ප්‍රින්ස් ලැම්බට්ය.


“සැහෙන දෙනෙක් ක්‍රීඩා කරනවා.කිලිනොච්චි එකේ තිබුණ දිස්ත්‍රික් ටූනමන්ට් එකට 700 ක් විතර ආවා,ඊට පස්සෙ අපි උතුර නැගෙනහිර එකතු වෙලා බැඩ්මින්ටන් මීට් එකක් කරා.ඒකට දාහකට වැඩිය සහභාගි වුණා.
ප්‍රින්ස් පවසන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාව වැදගත් සහ තරුණ පරම්පරාවට සිය අධ්‍යාපන වැඩ සමඟ සමගාමීව කරගෙන යාමට හැකි ක්‍රීඩාවක් හැටියට උතුරේ ජනතාව අතර විශ්වාසයක් තිබෙන බවය.
“දැන් පුට්බෝල් තරමටම ජනප්‍රිය වෙලා තියෙනවා.”
ඒ සමඟම උතුරු පළාතේ ගෘහස්තව ක්‍රිඩා කළ හැකි බැඩම්න්ටන් ක්‍රීඩාංගණ කිහිපයක් ඇති වී තිබෙන බව ප්‍රින්ස් පෙන්වා දෙයි.පාසල් තමන්ගේ ශාලා පහසුකම් හෝ බැඩිමින්ටන් ක්‍රීඩාවට උචිත පරිදි පරිවර්ථනය කර ගනිමින් සිටින බව පෙන්වා දෙයි.
ජාතික සූරතා දිනන මට්ටමට එන්නෙ කවද්ද එතකොට?
මැදිහත්වීම මගෙන් ය.
අපිට හදිසි නැහැ.බේසික් හරියටම හදාගන්න ඕනි.ඒ නිසා අපි හොඳ බේසික් දන්න කෝච්ල හදාගන්න වැඩියෙන් මහින්සි වෙනවා.ඒකට ජාතික සංගමය හොඳ අනුග්‍රහයක් දෙනවා.අද අනුරාධපුරේ තියෙන මේ වැඩ සටහන් දෙකම හරියට වටිනවා.හොඳටම විෂය දන්න අය ගෙනත් තමයි පුහුණු ක්‍රම කියා දෙන්නෙ.බැඩිම්නට්න් පුහුණු මූලික පාඨමාලාවේ අපේ දිස්ත්‍රික්ක පහ නියෝජනය වන විදිහට 22 ක් ඉන්නවා.එයාර් බැඩ්මින්ටන් එකෙත් 16 ක්.ඒක හරියට වටිනවා.අපිට වෙනස් කරලා සළකන්නෙ නැහැ.අපිව සමාන විදිහට පිළිගන්නවා.ඒක තමයි වැදගත්ම දේ මේ අවස්ථාවන්වලින් වැදගත්ම දේ.සිංහල දෙමළ මුස්ලිම් නැතුව බැඩ්මින්ටන් ගැන හිතන එක හොඳ ගුණාංගයක්.
ප්‍රින්ස්ලා පමණක් නොව අපද විඳි යුද වාතාවරණය සොඳුරු නැත.ඒ සියල්ල වෙනස්ව සැළකීම නිසා නැඟුණු කරදරය.වර්ථමානයේ ද වෙනස්කම් නොසැළකීම් සපුරා ඉවර නැත.තවමත් තමන්ගේ බිම් කැබැල්ල තිබියදී කදවුරුවල ගාල් කර සිටින මිනිස්සු විදින්නේ එම නොසළකා හැරීම් සහ නොතකා හැරීම්වල පීඩාවන්ය.
ප්‍රින්ස් කියන සමානව පිළිගැනීම ලබා දීමට බැඩ්මින්ටන් සභාපතිවරයා මෙන්ම ඒ නායකත්වය යටතේ පෙළ ගැසී සිටින ප්‍රධාන නිලධාරීන්ගේ ද කරුණාව වැදගත්ය.අප පවසන්නේ ඒ දේ හැම අතින්ම ලැබෙනවානම් උතුර සතුටෙන් තැබිය හැකි බවය.වැදගත්ම දේ සියල්ලන්ට සමානව සැළකීම යනු ගෝත්‍රික නොවුණු දියුණු මනුස්සකමය.එය දේශපාලනිකව උසස් ශික්ෂණයක් සහිත චින්තනයක පලය.
ප්‍රින්ස් ඊට එකඟය.
“ඔව්,එහෙමනම් සතුටෙන් ඉන්න පුළුවන්.අපිට යුද්ධෙ නිසා තරුණ කාලෙ බැඩ්මින්ටන් හම්බ වුණේ නැහැ.අපි බැඩිමින්ටන්වලට ආවෙ තරුණ කාලෙ ගොඩක් ගෙවුණට පස්සෙ.මම බැඩ්මින්ටන්වලට ආස වුණාට ඒ ආසාවෙ හැටියට සෙල්ලම් කරන්න පුළුවන් කාලයක් තරුණ ජීවිතේ හම්බ වුණේ නැහැ.දැන් මගේ දුව සෙල්ලම් කරනවා.එ්වා දිහා දෙමව්පියො බලං ඉන්නෙ සතුටෙන්.ඒ තත්ත්වයට හැම අතින්ම උපකාර කරන්න රොහාන් ද සිල්වා සභාපතිවරයා ඇතුළු බැඩ්මින්ටන් සංගමය දරණ උත්සාහයට අපි ගරු කරනවා.”
ප්‍රින්ස් පවසන හැටියට 70 දශකයේ මුල් භාගයේ යාපනය යම් කිසි මට්ටමකට බැඩිමින්ටන් දක්ෂයන් නිර්මාණය කර ඇති තැනක්ය.ජාතික මට්ටමෙන් ජයග්‍රහණ ලැබූ අය එහි ඉඳ ඇත.
“මේ තොරතුරු හරියටම අපි දන්නෙ නැහැ.ඒත් අපි විශ්වාස කරනවා හරි ඉතිහාසයක් උතුරෙ බැඩිමින්ටන් ගැන තිබිය යුතුයි කියලා.යුද්ධයෙ දරුණුකම තේරුම් ගන්නත් ඒ ඉතිහාසය පාඩමක්.ඒ නිසා උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය අපේ බැඩ්මින්ටන් ඉතිහාසය නිවැරදිව සටහන් කර තබන්නත් උත්සාහ කරනවා”
ප්‍රින්ස් තව දුරටත් කියන්නේ උතුරේ පාසල්වල ඉගෙනගත් අය බොහෝ දෙනෙක් අවාසනාවන්ත ලෙස මේ රටින් බැහැරව සිටින බවය.බොහෝ වර්ගවාදී අවස්ථාවදී දේශපාලකයන් කියන්නට උත්සාහ කරන්නේ ඔවුන් නැවත යුද්ධයක් අපේක්ෂාවෙන් වෙනත් රටවල සිට දෙමළ ප්‍රජාවට උදව් කරන බවය.ඔවුන් යුදවාදී අදහස්වලින් පෝෂණය කරන බවය.ජනප්‍රිය මාධ්‍ය භාවිතාවේ කියැවෙන ඒ කතන්දරවලින් තැති ගැන්වුණ සහ බිය ගැන්වුණ මිනිස්සුන්ගේ අත්දැකීම් විඳිමින් සිටින ලාංකිකයාට ප්‍රින්ස් කියන කතාව වෙනස්ය.
“ඒ ස්කෝලවල ආදි ශිෂ්‍ය සංගම් වගේම වෙනත් සංගම් ගොඩක් තියෙනවා.ඒවා විදේශ රටවලත් හැදිලා තියෙනවා.ඒ අය උදව් කරනවා.ක්‍රීඩාවලටත් උදව් කරනවා.දක්ෂ හොඳම ළමයෙක් හිටියොත් එයාව පෞද්ගලිකව බලන්නත් මහන්සි වෙනවා”
නැවත යුද්ධයකින් තොර බිමක දරුවන්ගේ දක්ෂතාවයන් මතින් අනාගතයක් තනන්නට එන ඒ උපකාර සමහර විට දකුණට පොම්ප වෙන්නේ යුද්ධය අවුලුවන්නට ගිණි පිඹීම් හැටියටය.එයින් උතුර නොව රටම නිවෙන්නට අවශ්‍යය ශාන්තමය සිතුවිලිවලින් මිනිස්සු දුරස් කරන්නේ දේශපාලන සහ ආගම්වාදී ග්‍රෝතික උවමනාවන් විසින්ය.
“ඒ වගෙම තමයි වර්ල්ඩ් ටැමිල් ඇසෝෂියේෂන් සංවිධානය.ලොව පුරා ඉන්න දෙමළ ජාතිකයන්ගේ සංස්කෘතික සහ වෙනත් ක්‍රියාකාරකම්වල ප්‍රගතිය අපේක්ෂාවෙන් අනුග්‍රාහකත්වය දක්වන.අපි වෙනම ඒ අයගෙ අනුග්‍රහයෙන් ටූනමන්ට් එකකුත් කරනවා”
ප්‍රින්ස් අදහස් දක්වමින් පවසයි.
“දැන් යුද්දෙන් පස්සෙ බැඩ්මින්ටන්වලින් උතුර ලබාපු ලොකුම ජය මොකද්ද?”
මගේ ප්‍රශ්නය සංඛ්‍යාත්මක හෝ නැඟීම පිළිබද දත්ත සම්බන්ධයෙන්ය.
“2020 මන්නාරමේ තලීමා සහ නවීන් ජාතික ක්‍රීඩා උළෙලෙදි සෙමි ෆයිනල් එකකට ආවා.එයාල කොළඹ ට්‍රේනින්ග්වලටත් ගත්තා”
එය අපූරු ජයග්‍රහණයක්ය.ඒ නිසාම උතුරේ ජයග්‍රාහී දක්ෂයන් ලෝක මට්ටමේ දෙමළ සංවිධාන එක්ක සාකච්ඡා කර විදෙස් පුහුණුවකට යොමු කළ නොහැකිද යන ගැටළුව මතු වීම අසාධාරණ නැත.
“නැහැ.කාලයක් යනකොට එහෙම කරන්න පුළුවන්.තවම අපේ තත්ත්වය උසස් මට්ටමට ඇවිත් නැහැ.ඒ නිසා තමයි අපි ඒ තත්ත්වයට ක්‍රීඩකයා ගේන්න පුළුවන් මට්ටමට පුහුණු දැණුම දියුණු කරන්නෙ.අනුරාධපුර අදත් අපේ අපේ 22 ක් ඇවිත් ඉන්නවා මූලික පුහුණු දැනුම ගන්න.ඒ අය කතා කරලා කිව්වෙ හොඳටම ඉගෙනගන්න ලැබුණා කියන එක.අපිට තව ඉල්ලලා තියෙනවා විනිසුරු පාඨමාලාවක්.ඒකත් රොහාන් ද සිල්වා මහත්තයා හැකි ඉක්මණට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.”
එසේම ප්‍රින්ස් පෙන්වා දෙන්නේ නිවැරදිවම ක්‍රීඩාවේ මූලිකාංග ඉගැන්විය හැකි පුහුණුකරුවා සහ හරියටම නෛතිකව ක්‍රීඩකයාට තරග වඳින්නට බලපෑම් ඇති කරන විනිසුරුවා උතුරේ බැඩිමින්ටන් ක්‍රිඩාවට ඉදිරියේදී ආලෝකයක් වනු ඇති බවය.
“අපිට දිනන්න හදිසි නැහැ.හැබැයි දිනන්න පටන් ගත්තට පස්සෙ පරදින්නෙ නැතුව ආරක්ෂා වෙන සංස්කෘතියක් තියෙන්න ඕනි.ඒ වෙනුවෙන් අපි මේ කරමින් ඉන්නෙ මූලික සිද්ධාන්ත සහ පුහුණු ක්‍රමවේද හරියටම ඉගෙන ගන්න පරම්පරාවක් හදන එක.ඒකට අපි ඉවසන්න ලැහැස්තියි.ඒ වගෙම මේ වෙලාවෙ උතුරේ අපි වගෙ බැඩ්මින්ටන් අත ඇරුණු පරම්පරා කිහිපයක් ඉන්නවා.ඉතිං ඒ අයත් ඊ ළඟ පරම්පරාවට උදව් කරන අතරේම උත්සාහ කරනවා 50 න් ඉහළ,40 න් ඉහළ වගෙ ටූනමන්ට් ගහලා තමන්ට මඟ හැරුණු අතීතය සිහිපත් කර ගන්න.ඒකත් වටිනවා.ඒක ඇත්තටම තරුණ කාලෙ අහිමි වෙච්චි යුද්දෙන් බැට කාපු කෙනෙක්ම දන්න වේදනාවක්.ඒ වැඩිහිටි බැඩ්මින්ටන් ක්‍රීඩාව උතුරෙ මිනිස්සු ක්‍රිඩාවට ආකර්ශණය වෙන්න හේතුවක්.වැඩිහිටියො ඊ ළඟ පරම්පරාවත් අරගෙන තමයි බැඩ්මින්ටන්වලට එන්නෙ.
ප්‍රින්ස් පවසන්නේ පොදුවේ නොහැඟෙන දේය.පොදුවේ නොදැනෙන දේය.පොදුවේ නොහිතන දේය.නමුත් වැදග්තම දේ උථුර පොදුවේ නොසළකා හැරීම් නිසා රටක් හැටියට අපි වින්ද වේදනාවන්ය.ඒ නිසා මෙය විශේෂයක් නොව සාමාන්‍යයක් ලෙස පිළිගෙන උථුර සමඟ එකට එක්ව යා යුතු ගමණක්ය.බැඩ්මින්ටන් මේ වන විට එ් සඳහා සාර්ථක ප්‍රවේශයක් ලබා ගෙන ඇත.ඒ ඔස්සේ ප්‍රින්ස්ලාගේ බැඩිම්න්ටන් සැබෑවක් වන්නටත්,එයින් ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට ජයග්‍රහණ ලැබෙන්නටත් අවශ්‍යය පදනම පසුබිම සැකසේවා යන්න අපේ පැතුමය.
සටහන/ඡායාරූප – නිශ්මං රණසිංහ
