කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

ඒ, අධික වැසි තත්ත්වය පහව ගියද තවදුරටත්, මධ්‍යම කඳුකරයේ  විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු ජලය ටිකෙන් ටික පහළට ගමන් කරන බැවින්, ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මේ වන විට දිවයින තුළ ඇති සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින් සිය නිවෙස් කරා යාමේදී  ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දෙයි.

තවද, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා ඇති වෙරළ තීරය තුළ තවදුරටත් අනතුරු ඇඟවීම් බල පැවැත්වෙන බැවින් අද දිනයේද එම සීමාවේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

සුළි කුණාටුවේ සෘජු බලපෑම ඉවත් වුවද තවමත් එහි වක්‍ර බලපෑම පවතින බවත්, සුළගේ වේගය පැයට කිලේමීටර් 50 දක්වා ඉහළ යන බවත්, මුහුදු රළ මීටර් 2-3 මට්ටමින් ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

අනෙකුත් මුහුදු සීමාවල සුළඟේ වේගය අඩු වී ඇති බැවින්, ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට, එම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ධීවර කටයුතු ආරම්භ කිරීම හෝ නොකිරීම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට හැකියාව පවතින බවයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය : සංවර්ධනයට මුල් තැන

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: 2027 වසරේ සංවර්ධන අරමුදල්...

2027 අයවැය : මාර්ග සංවර්ධනයට බිලියන 487ක්

දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම...

මෑත ඉතිහාසයේ අපේක්ෂිත ආදායම ඉක්මවා උපයා ගත එකම ආණ්ඩුව අපි – ජනපති අයවැය කතාවේදී කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසර 68කට පසු අයවැය හිඟයේ අඩුම අගය...

විදේශ අධ්‍යාපන සහතික ප්‍රශ්න කිරීමත් සමඟ ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉන්දුනීසියානු උප ජනාධිපති,...