IMF කොන්දේසි රැසක් ඉටුකර අවසන් – දෙවන වාරිකයත් ලැබෙයි!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලින් රාශියක් මේ වන විට ඉටුකර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ, අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

එලෙස කටයුතු කර තිබීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබීමට බලපාන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පළමු වාරිකය පමණක් ලැබී ඇති අතර දෙවන වාරිකය සැප්තැම්බර් මාසය වන විට නිකුත් කිරීමට නියමිතව තිබේ.

රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා බදු ගැලපුම් ක්‍රියාවලියක් ආරම්භ කිරිම,පිරිවැය පිළිබිඹු වන මිල ප්‍රතිපත්තියක් යටතේ ගෑස්, ඛනිජ තෙල්, යනාදියට ,මිල සූත්‍ර හඳුන්වා දීම, වංචා දූෂණ අක්‍රමිකතාවලට අදාළව දූෂණ වැළක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරවීමට මේ වන විට කටයුතු සම්පාදනය කර තිබීම, රාජ්‍ය මුල්‍ය විශාල ලෙස කපා හැරීමට රාජ්‍ය වියදම් තීරණය කර ක්‍රියාත්මක කර තිබීම යනාදිය එලෙස ඉටුකර තිබෙන IMF කොන්දේසි බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

එමෙන්ම ලාභ නොලබන රාජ්‍ය ව්‍යවසායන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල ශේෂ පත්‍රය සකස් කර එම ණය රජයට පවරාගනිමින් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කිරීමට විශේෂඥයින්ගේ සේවාව ලබා ගැනීමට ඉල්ලුම් පත් කැඳවා තෝරාගැනීමට කටයුතු කිරීම, හා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර තිබීම යනාදිය ද ඉටු කර තිබෙන අතරම වෙනකවරදාකවත් නැති ආකාරයෙන් වැටුණු තැනින් ගොඩ ඒම සඳහා මෙරට ජනතාව ද තමන්ට දැරිය හැකි ප්‍රමාණයටත් වඩා කැප කිරීමක් කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...