රාජිතට මතුගම සජබ රැලිය තහනම් ! – ආසන සංවිධායකයින් කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් එක්ව මතුගමදී ලබන 13 වනදා පවත්වන රැලියට එක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට අවස්ථාවක් නොදෙන බව එම සංවිධායකවරුන් පවසයි.

“අපි ආසන 8ක් තියෙනවා. ඒ ආසන 8ම එකතුවෙලා මේ වැඩේ කළාට රාජිත සේනාරත්න මේකට සම්බන්ධ නෑ. රාජිත සේනාරත්නට එන්නත් බෑ ඒ රැලියට. 13 වෙනිදා පවත්වන රැලියට. ඒක තහනම් ! ඒකත් වගකීමෙන් අපි කියනවා. අපේ නායකතුමාව පරාද කරන්න, අපේ නායකතුමාගේ දුර්වලකම් කියන්න මාධ්‍ය පාවිච්චි කරපු රාජිතට මෙහෙ බෑ. සමගි ජන බලවේගයේ ඉඩ නෑ. අපේ පක්ෂයේ සභාපතිතුමාටත් ඉඩ දුන්නෙ නෑ අපි. රජුන් තනන්නේත් රජුන් නැති කරන්නේත් එයායි කියලානෙ කියලා තියෙන්නෙ. මේ ගමන බලමු අපි ඕකෙ අනිත් පැත්ත හරවලා පෙන්වන්නම්” යැයි සජබ අගලවත්ත ආසන සංවිධායක ජගත් විතාන මහතා ප්‍රකාශ කළේය.

ජගත් විතාන මහතා මේ බව පැවසුවේ සජබ කළුතර ආසන සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (11) කළුතරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...