නේපාලයේ බස් රථ දෙකක් ගඟට ගසාගෙන යාමෙන් පුද්ගලයින් 65 දෙනෙකු අතුරුදන්

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `12, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):

නේපාලයේ කත්මන්ඩු අගනුවරට බටහිර දෙසින් 120km (සැතපුම් 75) පමණ දුරින් Simaltar අසල Narayanghat-Mugling අධිවේගී මාර්ගය නාය යාම හේතුවෙන් පුද්ගලයන් 60 දෙනෙකුට වැඩි පිරිසක් රැගත් බස් රථ දෙකක් ත්‍රිශූලි ගඟට පෙරලි පුද්ගලයන් 65 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

තිදෙනෙකු ජිවිත බේරාගෙන ඇති අතර අතුරුදහන් වූ මගීන් සෙවීම සඳහා බලධාරීන් හමුදාව සහ පොලිසිය බලමුලු ගන්වා ඇතිමුත් අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයට යන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර වීමත් සමඟ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් දුෂ්කර වී ඇත.

ජුනි මාසයේ ආරම්භ වී සැප්තැම්බර් මාසයේ අවසන් වන මෝසම් සමය නේපාලයට අධික වර්ෂාපතනයක් ගෙන එන අතර කඳුවලින් වැසී ඇති රටෙහි නාය යෑම් බහුලය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...