දුම්රිය වැඩවර්ජනය අවසන් කිරිමට ගෞරවාන්විත ප්‍රවේශයකට යොමු වූ සියල්ලන්ටම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරයේ පැසසුම්!

Date:

කොළඹ LNW:දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ගෙන ගිය වෘත්තීය අරගලය ගෞරවාන්විත විසදුමක් කරා ප්‍රවේශ කරවීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරන ලද ඉල්ලීම පිළිගැනීම ගැන අදාළ සියලුම පාර්ශවයන් වෙත ස්තුතිය පිරිනමන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනය නිකුත් කරමින් පවසන්නේ දින දෙකක් පුරා ඇදි යමින් පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කරමින් ගෞරවාන්විත විසදුමකට ප්‍රවේශ වන ලෙස අප සංවිධානයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අදාල සියලු පාර්ශ්වයන් වෙත ආරාධනා කරන ලද බවයි.

ඒ් අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන් ඇතුළු දෙපාර්ශවයම කරු ජයසූරිය මහතාගේ නිවසට රැස්ව දෙපාර්ශවයටම ගෞරවාන්විත ලෙස ප්‍රවේශ විය හැකි විසදුමක් පිළිඳව සාකච්ඡා කරන ලදි.

ඒ් අනුව ජුනි 11 වන දා රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කරමින් එකඟත්වයකට පැමිණිමට හැකි වූ අතර තවමත් නොවිසදුණු ප්‍රශ්න ගණනාවකට ද සාධාරණ හා ගෞරවාන්විත ප්‍රවේශයකට යොමුවීම සඳහා දෙපාර්ශවයම එකඟත්වයක් ඇතිකර ගෙන තිබේ.

මෙම එලැඹුම ඉතාමත් අගය කරන අප සංවිධානය එය මේ රටේ අනෙකුත් වෘත්තීය සමිති හා සටන් මධ්‍යස්ථානයන් හි අවධානයට ලක් වේවායයි ප්‍රාර්ථනා කරන බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරන්නේ.

එමෙන්ම ගෞරවාන්විතව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගැනීම සඳහා ප්‍රවේශවීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයාට ,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාට සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ඇතුළු සියළුම දෙනා‌ වෙත සාධාරණ සමජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙ ස්තුතිය පිරිනමන බවද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව අවසන් හතරට ස්ථීරයි – ගැටළුව ඇත්තේ ප්‍රතිවාදියාගෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: මේ වන විට පැවත්වෙන ආසියානු කුසලාන...

බෝතලයකින් පහරදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමක් ගැන පොලිස් විමර්ශන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය...

ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල්...

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...