කවුරු ගියත් මාව යවන්න බෑ, මට අවුරුදු 6ක් තියෙනවා – නන්දලාල්

Date:

තමන්ව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ධුරයට පත් කළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම ඉවත් වුවත් තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ (11) දිනයේදී මාධ්‍යවේදීන් පිරිසක් සමග ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

“ඇයි මම යන්නේ ? මාව පත් කළා විතරයි. මට අවුරුදු 6ක් ධුර කාලය තියෙනවා. මහ බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. මමත් ඉන්දියාවේ සංචිත බැංකුව (RBI) වගේ කාටවත් යටත් නොවී ස්වාධීනව මේක පාලනය කරගෙන යනවා. ආර්ථිකය සෞභාග්‍යමත් කරන්න අපි අලුතින් පටන් ගමු” යැයි ඒ මහතා පැවසූ බව ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේම රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය IMF සාකච්ඡා කෙරෙහි අහිතකර ලෙස බලපෑමට හැකි බව පවසා ඇති ඒ මහතා මේ වනවිට තවත් ඇමරිකා ඩොලර් බිලියනයක විදේශ විනිමය හුවමාරු පහසුකමක් ලබාගැනීම සඳහා තමන් ඉන්දියානු සංචිත බැංකුව සමග සාකච්ඡා කරගෙන යන බවත් ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...