*
Wednesday, April 30, 2025
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

🎀කපටි නරියාගේ ඔපරේෂන් ප්ලෑන් B…..?

🎀 නරියාගේ හයිබ්‍රිඩ් පොලිටික්ස්….?

🎀පොහොට්ටුව රනිල්ට ද ධම්මිකට ද තීන්දුයි….?

🎀අපි ණයත් නෑ…බයත් නෑ…ඩ්‍රාමා එක…..?

🎀රු 10,000 ක් දීල මාස 02 න් තව 20,000 ක් ඉල්ලන වෘත්තීය සමිති ගොංපාට්..?

🎀”රනිල් ගෙන් ප්‍රවේසම් වෙනු"....වෘත්තීය සමිති වලට රතු එළි......?

🎀පෝය 03 න් ආණ්ඩුව ෂුවර් නම් ස්ට්‍රයික් මොකටද….?

🎀බලය ගැනීමේ දේශපාලන ස්ට්‍රයික් වලට යට නොවීමේ නරි න්‍යාය.

🎀ආණ්ඩුව ස්ට්‍රයික් වලට දැඩි තීන්දු නොගැනීම ගැන ජනතා අප්‍රසාදය….?

🎀අතැම් පක්ෂ ස්ට්‍රයික් වලින් වට්ටන්න හදන්නේ ආණ්ඩුව නොව රටයි…?

🎀ආණ්ඩුවට සැලුන් දොරක් හයි කෙරේ…..?

🎀ගිණිතැබූ නිවාස සමරා ජනතාවට නිවාස පැවරීම.

🎀නරියා හා සක්වල සුහුරා බේරා ලේනා ඉල්ලං කෑම…?

🎀අරුණි හා ඇමෙරිකන් මහින්ද ගේ US එකගතා..?

🎀ස්ට්‍රයික් වලට යැංකි ඩිකී විසදුම්…..?

[ලංකාවේ හයිබ්‍රිඩ් දේශපාලනය කල පළමුවැන්නා ලෙස ද රනිල් වාර්තා තැබුවේ පසුගිය සෙනසුරාදාය. උදේ ගාල්ලේ වජිර ගේ එජාප සමුළුවට ගිය ඔහු හවස කළුතර රෝහිත රත්තරං ගේ සමරුවට එක්වුණේ රාජපක්ෂලා ගේ කරට අතදාගෙනය.

“උදේ එජාප අයයි හවස පොහොට්ටු අයයි එක්ක ඉන්න මම ඊයෙ රෑ හිටියෙ සජබ කට්ටියක් එක්ක”  කපටි නරියා තමා කළේ ස්මාට් වැඩක් බව කීවේ සිනා මැදය.

එතනදී  දේශපාලන කතා බහක් නොවින. ඒත් “අපි ණයත් නෑ. බයත් නෑ” යයි බැසිල් කීවේ තිර පිටපතකටදැයි සමහරු සැක කළහ. ඉරිදා උදේ හමුවීම් කිහිපයකින් පසු ජනපති ත්‍රි’මලේ ගියේ සම්පන්දන්ගේ අවමගුලටය. සදුදා දේශපාලන කැබිනට්ටුවේදී තීන්දු රැසක් ගත් ඔහු රත්නපුර ගියේ අමරපුර ආදි කර්තෘෘන් සැමරීමටය. වර්ජන වල ඉල්ලීම් සලකා බැලූ හමුවක් හවස තිබුණේ මුදල් අමාත්‍යාංශ ප්‍රබලයන් සමඟය.

“රු 20,000 ක් දෙන්න අමතර රු බිලි 280 ක් ඔින. ඒකට වැට් 18% ඉදල 21%ට වැඩි කරන්න වෙනවා. සාමාන්‍ය මිනිසුන්ටයි බර පැටවෙන්නෙ” එහිදී විග්‍රහ විය.

“ලබන වසර තෙක් වැඩි පඩි බෑ. අප්‍රේල් වල 10,000 ක් දීලත් මාස 02 කින් තව 20,000 ක් ඉල්ලනවා. මේවා පහත් දේශපාලන ව්‍යාපෘති” රනිල් කීවේ මළ පැනලාය.

“සමහරු ආණ්ඩුව නෙවෙයි රටයි වට්ටන්නෙ. කැරළි දෙකකින් ඩො බිලි 200 ක් විතර රටට නැතිකලා. දැනුත් ඒකම කරනවා. පෝය 03 න් ආණ්ඩුව එනවා නම් ස්ට්‍රයික් මොකටද. දෙගුණයක් පඩි ඒ ආණ්ඩුවෙන් ගන්න පුළුවන් නේ” ඇමති ෂෙහාන් කීවේ ජනපතිට ය.

“ඉන්දන පෝළිම් මාස 14 ක්, විදුලි කැපීම මාස 11 ක් තිබුණා. ගෑස් පෝර බෙහෙත් නැතුව අවුරුද්දක්  වේලුනා. රට ගොඩදාගෙන එනකොට ආපහු වට්ටන්න හදනවා. එහෙම අයද රට හදන්න ඉල්ලන්නෙ” අයෙක් කීය.

ජනපති කැබිනට් යනවිට පාසල් දරුවන් පිරිසක් හමුවිය.

“පාර්ලිමේන්තු එන්න ආස අය කවුද” දරුවන් කිහිප දෙනෙක් අත එසවීය. සෙල්fපි රැසක් ද ගැණින. ජනපතිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා කෘතිම බුද්ධිය ව්‍යාප්ත කිරීම   ගැන මහාචාර්ය ආශු කෙටි දේශනයක් කළේය.

“ජවිපෙ 88 වගේ රට වට්ටල භීෂණ මවල බලය ගන්න හදන්නෙ.තැපෑල දවසක් වර්ජන කලාම රටට රු මිලි 75 ක් පාඩුයි. එතකොට රේගුව දුම්රිය ගැන හිතල බලන්න. ගුරුවරු නාවාම දරුවන්ගෙ අනාගතේම ඉවරයි. ප්‍රවාහනය නවත්තල රට වහන සැලැස්මකුත් තියෙනවා.මේ අමානුෂික වැඩ වලට දැඩි තීන්දු ගන්න” ඇමතිවරු බල කලහ.

“වර්ජන වලට නොගිය අයට වැටුප් වර්දක හා අගැයීම් සහතික දෙමු” ජනපති කීය. 22 සංශෝධනය ලෙස ජනපති ධුර කාලය වසර 05 ක් වු යෝජනාව ද සම්මත කෙරිණ.

“රනිල් කවුද කියල අද ඉන්න වෘත්තීය සමිති අය දන්නෙ නෑ. 80 වර්ජකයන්ට පාඩම කියල දුන්නෙ මෙතුමාත් හිටපු ආණ්ඩුවයි” ඇමති ප්‍රසන්න කීවේ “රනිල් ගෙන් ප්‍රවේසම් වෙනු” යන්න අගවමින්දැයි පැහැදිලි නැත.

ජනපති විදුලි සෝපානයට යද්දී අජිත් මාන්නප්පෙරුම සමග පැමිණි පිරිසක් හමුවූහ.

“ගිණි නිවපු රට ආපහු ගිණි තියන්න දෙන්න එපා. ඔබ අපේ නායකයනේ” අයෙක් කීය.

” එකතුවෙලා රට හදමු” නරියා කීවේ ඇඟට නොදැනීය.

“සැලුන් දොර හයිකරල තියෙන්නේ” ආශු කීවේ සිනා මැදය.

රනිල් හා බිරිඳ මෛත්‍රී වන්ගෝල්පේfස් ගියේ චිත්‍රපටියන් බලන්නටය. ඒ සමන් අතාවුද ගේ සොයුරු අසෝක ගේ නිර්මාණයකි. පැමිණි පිරිස සමඟ කතාබහ කිරීමට හා සෙල්fපි ගැසීමට ද වැඩි වෙලාවක් ගතවිය.

“චිත්‍රපටි බලන්න වෙලාව තියෙනවද” අයෙක් ඇසුවේය.

“හෝල් වලට යන්න වෙලාව නෑ. නෙට්ප්ලික්ස් බලනවා” ජනපති කීය.

රනිල් ගේ නිවස ගිණිතබා  වසර 02 කි. ඇමති ප්‍රසන්න ගේ නිවසටද ගිනිතබා තිබිණ. 

“ගිණි තියපු ජනධෙිපතිතුමාගෙ හා සියලු ගෙවල් සිහිවෙන්න අද නිවාස රැසක අයිතිය ජනතාවට පවරනවා” ප්‍රසන්න කීවේය. එහිදී රනිල් සංවේදී කතාවක් කළේය.

“පරම හතුරෙකුගෙවත් නිවසක් හෝ ජීවිතයක් නැති කරන්න එපා”  

දෙවන වරටත් ගාලු ගිය ජනපති කුරුදු සංවර්දන දෙපාර්තමේන්තුව ස්ථාපිත කළේය. කොම්පඤ්ඤ වීදිය ගුවන් පාළමේ දෙවන අදියර විවෘත කොට කාර්යාලයට ආ ජනපතිට වර්ජන තර්ජණ ගැන නොයෙක් කතා අසන්නට ලැබුණේය. 

“වෘත්තීය ප්‍රශ්න වලට වඩා මෙතන දේශපාලන ගේමක් තියෙන්නෙ. ස්ටේෂන් මාස්ටර් සමිතිය  කතා කරන්නවත් දන්නෙ නෑ” එහිදී කියවින.

” 80 වර්ජනයේදිත් මෙහෙම සහතික දුන්න ද” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් ඇසුවේය.

“මේ සහතිකෙන් වැඩට ආපු අය සීනියර් වෙලා නාපු අය ජුනියර් වෙනවා” ඇමති මනුෂ කීය.

“වර්ජන වලට මිනිස්සු විරුද්ධයි. දැඩි තීන්දු ගන්නෙ නෑ කියල මිනිස්සු ආණ්ඩුවට දොස් කියනවා. දුම්රි ප්‍රයිවේට් කරන්න කියල හැමෝම කියන්නෙ” මහින්දානන්ද කීවේය.

” විපක්ෂයට රට වහන්න සැළසුම් තිබුණට රට හදන සැළසුම් නෑ. වර්ජන කළාම අවාසි බව එයාලට තේරෙන්නෙ නෑ. වැඩට නොඑන අය සේවය අතහැර ගියා කියල ලියුම් ගහන්න” කපටි නරි නියෝගය ආවේ යැංකි ඩිකී හෙවත් ජේ ආර් මාමා ගේ ආවේසයෙනි.

ජනපති ධුර කාලය වසර 5 ද 6 දැයි අසා උසාවි ගිය ලේනාට ලක්ෂයකුත් හිස් අතින්ම ගහට පනින්නට සිදුවිය. එය නරි වැඩක් මෙන්ම “සක්වල සුහුරා” හෙවත් සජිත් ගේ වැඩක් යයි කියවුණ ද එය පබ්ලිසිටි කෑදරයෙකුගේ රංගනයක් බව දැන් කියවේ.

වරෙක ධම්මික පෙරේරා ත් ඔහුගේ සල්ලි කන්ද හා ස්මාට් පංති පෙන්නා  කපටි නරියාට කොකා පෙන්නීමට වැල් පාළමේ කරතියාගෙන ගිය දරුවාගේ උත්සාහයක් තිබුණ ද මහ රාජපක්ෂලා ගෙන් නරියාට කොළ එළි දැල්වෙන තරම්ය. පොහොට්ටුවේ බෙදීම් බැලන්ස් කිරීම ද නරියා කරට ගත්තේය. 2015 ජවිපෙ හිටං ට සහාය දුන් අයුරින් හෝ ඊටත් වඩා නිර්මාණාත්මකව රනිල් ට සහාය දෙන පසුබිමක් ඇතිවෙමින් පවති. එහෙත් නුවරළියේ වැස්ස හා දේශපාලනය අවිනිශ්චිතය.

තවද ප්ලෑන් B එකක් කපටි නරියා ට තිබෙන බව විපක්ෂය හා මැතිවරණ නිරීක්ෂකයන්ගේ අදහසය. හිලකින් රිංගා වසරක් දෙකක් ඉදීමට ඔහු ගේම් ගහන බව ඔවුහු කියති. ජනපතිධුරය වසර 05 කට බවට සංශෝධන ගේන පනත් දැමූවිට ඒ ගැන යමෙක් උසාවි ගියොත් ජනපතිවරණය හබක් බව ඔවුහු කියති. ලෝක ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ ලොක්කෙකු වූ නරියාගේ ඊට අදාළ හූවේ හැඩය දන්නේ ඔහුම පමණකි.

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර වසර 02 කට වරක් පැවැත්වෙන ද්විපාර්ශික නිළ සාකච්ඡා මෙවර වොෂින්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්වින. විදේශ  ලේකම් අරුණි විජයවර්දන හා තානාපති මහින්ද සමරසිංහ ප්‍රමුඛ දූත පිරිසක් ඊට එක්වූහ.  දෙරටේ එකගතා ගැන නිළ නිවේදනය ද නිකුත් කෙරිණ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan