නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් 21දෙනෙක් ජිවිතක්ෂයට

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු මැද නයිජීරියාවේ ප්ලේටෝ ප්‍රාන්තයේ ජෝස් නෝර්ත් දිස්ත්‍රික්කයේ ශාන්ත ඇකඩමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් සිසුන් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව රතු කුරුස සංවිධානය ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

නයිජීරියාවේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය විසින් ගලවා ගැනීමේ සහ සෞඛ්‍ය සේවකයින් මෙන්ම ආරක්ෂක හමුදා එම ස්ථානයට යොදවා ඇති අතර ලියකියවිලි හෝ ගෙවීම් නොමැතිව ප්‍රතිකාර කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස රජය රෝහල්වලට උපදෙස් දී ඇත.

ප්ලේටෝ තොරතුරු කොමසාරිස් මූසා අශෝම්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ආසන්න වශයෙන් පුද්ගලයින් 120 දෙනෙකු සිරවී ඇති අතර බොහෝ දෙනෙකු මේවන විට ඉවත් කර ඇති බවයි.

ප්‍රාන්ත ආන්ඩුව විසින් මෙම පාසැල ගොඩනැගිලි ආරක්ෂණ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සහ දුර්වල නඩත්තුව හේතුවෙන් වසා දමන ලෙස එය ඉල්ලා ඇති අතර අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට වන නයිජීරියාවේ ගොඩනැගිලි කඩා වැටීම සාමාන්‍ය දෙයක් වෙමින් පවතින අතර පසුගිය වසර දෙක තුළ එවැනි සිදුවීම් විශාල වශයෙන් වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...