නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් 21දෙනෙක් ජිවිතක්ෂයට

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු මැද නයිජීරියාවේ ප්ලේටෝ ප්‍රාන්තයේ ජෝස් නෝර්ත් දිස්ත්‍රික්කයේ ශාන්ත ඇකඩමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් සිසුන් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව රතු කුරුස සංවිධානය ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

නයිජීරියාවේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය විසින් ගලවා ගැනීමේ සහ සෞඛ්‍ය සේවකයින් මෙන්ම ආරක්ෂක හමුදා එම ස්ථානයට යොදවා ඇති අතර ලියකියවිලි හෝ ගෙවීම් නොමැතිව ප්‍රතිකාර කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස රජය රෝහල්වලට උපදෙස් දී ඇත.

ප්ලේටෝ තොරතුරු කොමසාරිස් මූසා අශෝම්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ආසන්න වශයෙන් පුද්ගලයින් 120 දෙනෙකු සිරවී ඇති අතර බොහෝ දෙනෙකු මේවන විට ඉවත් කර ඇති බවයි.

ප්‍රාන්ත ආන්ඩුව විසින් මෙම පාසැල ගොඩනැගිලි ආරක්ෂණ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සහ දුර්වල නඩත්තුව හේතුවෙන් වසා දමන ලෙස එය ඉල්ලා ඇති අතර අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට වන නයිජීරියාවේ ගොඩනැගිලි කඩා වැටීම සාමාන්‍ය දෙයක් වෙමින් පවතින අතර පසුගිය වසර දෙක තුළ එවැනි සිදුවීම් විශාල වශයෙන් වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...