ජනපති රනිල්ට ප්‍රමිතගෙන් ඇරයුමක්!

Date:

කොළඹ LNW:වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ගෞරවයෙන් අරාධනා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා පාර්ලිමේන්තු සභාව අමතමින් ආරාධනා කළේය.

රට ඉතාමත් කෙටි කලකින් ගොඩගත්ත ආකාරයටම ඉදිරි වසර කිහිපය තුළත් මේ රට ගොඩනගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වික්‍රමසිංහ මහතාට ලබාදීමට කැප වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

”රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම ව්‍යාකූල, ඉතාම අමාරු, කටුක අවස්ථාවේ රට ගොඩනගන්න අභියෝගය භාරගත්තා. නිදහස් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ නෑ එතුමා තරම් ප්‍රශ්ණ ගොඩක් මැද රට භාරගත් අයෙක් සිටියාද කියා.

ජනාධිපතිධූරය භාරගත්න කලින් එතුමාගේ නිවස ගිනි තැබුවා, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන තිබුනා, ජනාධිපති මැදුරු, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන තිබ්බා පාර්ලිමේන්තුව වට කරලා, මේ රටේ නීතියේ ආධිපත්‍ය කඩා වැටිලා ආරක්‍ෂාව කඩා වැටිලා තිබුනු අවස්ථාවක තමා ජනාධිපතිතුමා රට භාරගත්තේ.

රට භාරගැනීමෙන් පසු එතුමා ක්‍රමක්‍රමයෙන් දේශපාලන ස්ථාවරත්වය ඇතිකලා, නීතියේ ආධිපත්‍ය ඇතිකලා, ජාතික ආරක්‍ෂාව තහවුරු කලා. ඒ වාගේම ජනතාව පීඩාවට පත්වෙලා හිටපු තත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කලා. ජනතාව බේරාගැනීමට එතුමාට හැකියාව ලැබුනා.

එම නිසා අප සැමගේම ගරුත්වයක් එතුමාට තිබෙනවා. අප ජනාධිපතිවරණයට සුදානම්. මැතිවරණ කොමිසම් සභාව මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අපි අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.

අපි ගෞරවයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනා කරනවා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. ඒ වගේ මේ රට ඉතාමත් කෙටි කලකින් ගොඩගත්ත ආකාරයටම ඉදිරි වසර කිහිපයත් අරගෙන මේ රට ගොඩනගන්න කියල එයට අවශ්‍ය ශක්තිය ධෛර්යය එතුමාට ලබාදීමට අපද කැපවෙනවා” යනුවෙන් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...