රනිල් වැඩබලන ජනාධිපති වෙලත් ඉවරයිද ?

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරනවා.

මීට ටික වේලාවකට පෙර, බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටත්, රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමටත් අදාලව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

අදාල නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටත් රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන ජනාධිපිතවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇති බවයි.

කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බවට කිසිදු නිළ නිවේදනයක් නිකුත් කර නොමැත. එසේම ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වන බවද මේ දක්වා නිළ වශයෙන් නිවේදනය කර නොමැත.

එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස නියෝග නිකුත් කරන්නේ කෙසේද ?

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: අද (11) පෙරවරුවේදී ජනාධිපති...

එකඟතා ක්‍රියාත්මක නොවීම ගැන GMOA වෙතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා!

කොළඹ LNW:වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි...