මල් පාරේ යළිත් කඳුළු ගෑස් – තව තවත් ආරක්ෂක බලඇණි කැඳවයි

කොළඹ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින අරගලකරුවන් වෙත යළිත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වී තිබෙනවා. කඳුළු ගෑස් ප්‍රහාර නොතකා තවදුරටත් අරගලකරුවන් එහි රැඳී සිටී.

දිගින් දිගටම එල්ල වන කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් අරගලකරුවන් පමණක් නොව දෙස් විදෙස් මාධ්‍යවේදීන්, මග දෙපස නිවාසවල රැඳී සිටින පුද්ගලයන්ද දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

මේ අතර මෙම ප්‍රදේශය වෙත තවදුරටත් ආරක්ෂක බලඇණි කැඳවමින් සිටී. මේ වනවිට දහසකට අධික ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථ විශාල ප්‍රමාණයක්ද එහි ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...