මල්පාරේ දැඩි උණුසුම් තත්ත්වයක් – පොලීසිය සහ හමුදාව විරෝධතාකරුවන්ට වටකර පහර දෙයි!

අග්‍රමාත්‍ය කාර්යාලය පැවැත්වෙන විරෝධය මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් ගෙන තිබෙන අතර පොලීසිය,විශේෂ කාර්ය බලකාය සහ හමුදාව එක්ව විරෝධතාකරුවන්ට පහර දීම ආරම්භ කර තිබෙන බව එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු සඳහන් කළා.

මීට සුළු මොහොතකට පෙර ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා තිබෙන අතර එම ස්ථානයේ සන්නිවේදන සබඳතා අත්හිටුවා තිබෙන බවත් විශේෂයෙන් අන්තර් ජල පහසුකම් බිඳ වැටී තිබෙන බවත් සඳහන්.

විරෝධතාකරුවන්ද පසුබසින තත්ත්වයක් නොමැති අතර මේ වන විට ආරක්ෂක අංශ විසින් ඔවුන් වටකර තිබෙන ස්වභාවක් පවතින බවයි අපගේ වාර්තාකරු පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධූර වලින් ඉල්ලා අස්වන ලෙස බලකරමිනුයි එම ස්ථානයේ විරෝධතා ආරම්භ වුණේ.

මේ වන විට බස්නාහිර පළාතට පනවා තිබෙන ඇඳිරි නීතියද නොතකා ජනටහව කොළඹට ඒකරාශී වෙමින් සිටිනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...