සටහන – රුවන් නෙළුගොල්ල
සමගි ජන බලවේගය විසින් දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා සංවිධානය කරන “ජන පවුර” ජන රැලි මාලාවේ කළුතර දිස්ත්‍රික් ජන රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) මතුගමදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සමගි ජන බලවේගය සමග එක්විය.
ලලිත් එල්ලාවල මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුකලෙක ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කළ අයෙකි.
මතුගම පැවති ජන පවුර රැලියට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.