ට්‍රම්ප්ට වෙඩි..කණට තුවාල…ජීවිතය නුලෙන් බේරෙයි…ආරක්ෂකයින්ගේ අතපසුවීමක්.

Date:

(Ashoka Jayatunga from  Washington )

මෙම නොවැම්බරයේ දී පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග වදින හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඔහු යාන්තමින් දිවි ගලවාගෙන තිබේ.

පෙන්සෙල්වියානු ස්ටේට් හි බට්ලර් ප්‍රාන්තයේදී අද (14) පැවැති ප්‍රචාරක රැළියකදී එම ප්‍රහාරය එල්ලවී තිබේ. ප්‍රහාරය එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම දිගාවී ජීවිතය බේරා ගත්තද ඔහුගේ කණට වෙඩි වැදී ලේ වැගිරෙන්නට පටන්ගෙන තිබේ. ඔහු වහාම රෝහල්ගත කල අතර ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. තුවාලකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමට හැකි බවටද අනුමාන කෙරේ. ජනපති බයිඩන් ද තම ශෝකය පළකරමින් ක්ෂණිකවම ට්‍රම්ප් අමතා තිබේ.

රැළිය පැවැති ස්ථානයට අඩි  450ක දුරින් තිබෙන ගොඩනැගිල්ලක වහළ මත සිට ප්‍රහාරය එල්ලවී ඇති අතර ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර වලින් වෙඩික්කරු එම අවස්ථාවේම ඝාතනය කොට තිබේ.

“ස්නයිපර් තුවක්කුවක් එක්ක මිනිහෙක් ගොඩනැගිල්ලට නගිනවා මම දැක්කා. වහාම ට්‍රම්ප්ගෙ ආරක්ෂකයින්ට මම කිව්වත් ඔවුන් ඒ ගැන තැකුවෙ නෑ. ඒ ක්ෂණයෙන්ම වෙඩි ප්‍රහාර එල්ල වුණා”රැළියට එක්ව සිටි සිද්ධිය සියැසින් දුටු ට්‍රම්ප්වාදියෙකු වන ග්රෙග් නමැත්තා ජනමාධ්‍යට ප්‍රකාශ කොට තිබේ.

වෙඩික්කරු ඇමෙරිකානුවෙක්ද ත්‍රස්ත කල්ලියක අයෙක් ද නැතහොත් විදෙස් කුලී හේවායෙක් ද යන්න සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භවී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...