සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW):
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් තමාට සහනයක් ලැබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශපාලන ගැටුම් හේතුවෙන් කලකදී ශ්‍රී ලාංකිකයින්ද කරදරවලට මුහුණ දුන් බව ජනාධිපතිවරයා පැවසූ අතර ,සියලු දෙනා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා නීතිගරුකව කටයුතු කළයුතු බව ඔහු ඉල්ලා සිසිටියේය.