*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ව්‍යවස්තා සංශෝධනය ගැන කටේ කෙළ නොසොල්වා, රගර් ගැන කතා කරන්නට හැකි ලෙස රිට් ආඥාවක්

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 14, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා රග්බි නිලවරණය පැවත්වීම අරමුණු කරගෙන,ඊට පෙර පැවත්වෙන මහා සභා රැස්වීමේ දී ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් විමසීම වළක්වාලමින් රිට් ආඥාවක් නිකුත් කර ඇත.ඒ අනුව 15 දා පැවත්වෙන මහා සභාවේදී මේ වන විට ශ්‍රී ලංකා රගර් පරිපාලනය විසුරුවා හැරීම නිසා ඇති වී තිබෙන හිස්තැන පිරීවීම ගැන කතා කරන්නට මහා සභාවේ ගැටළුවක් නැතත්,එහිදී ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැන සාකච්ඡාවට ගැනීමට නොහැකිය.
අපි මේ තත්ත්වය ඇති විය හැකි බව මීට බොහෝ දුර තිබියදී පෙන්වා දුන්නෙමු.එහිදී බොහෝ අය ඒ වෙනුවට පෙන්වා දුන්නේ ලෝක රග්බි සම්මේලනයේ උවමනාවය.එහෙත් රටක පොදු නීතියෙන් යම් වාරණයක් ඒ රටේ කුමන හෝ කේෂ්ත්‍රයක් වෙනුවෙන් පනවනු ලබන්නේනම් ලෝක සම්මේලනයකට එය ඉක්මවා යන්න නොහැකිය.මේ තීන්දුවේදී ද සිඳු වී ඇත්තේ මේ මොහොතට අදාළ රගර් ව්‍යවස්ථාව නොසළකා හරිමින් යම් කිසි ආකාරයකට පළාත් සංගම්වලට අගතියක් සිඳුවන බවට පළාත් සංගම් හතක් අධිකරණයට පෙන්වා දුන් කරුණු පිළිගැනීමය.
ක්‍රීඩා අමාත්‍යවරයා යම් කිසි ආකාරයක ප්‍රගතිශීලි වැඩ කොටසක් කර ඇත.රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිටියානම් සමහර විට මේ මොහොතේ ජනතාව සතුටෙන් ඉපිළෙන ඔලිම්පික් නියෝජනයන් කිසිවක් සිඳු නොවන්නට තිබිණ.ඒත් හරීන් ප්‍රනාන්දු සිය කැපවීම සහ මාර්ගෝපදේශණය ලබා දෙමින් ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍යය මූල්‍යමය දායකත්වය ලබා දීම නිසා මෙවර පැරිස් ඔලිම්පික් බිමේ ශ්‍රී ලංකාවේ ධජය රැඟෙන යන්නට හත් දෙනෙකුගෙන් යුතු ක්‍රීඩක කණ්ඩායමක් තෝරා ගන්නට සමත් වී ඇත.එසේම ක්‍රීඩා අමාත්‍යවරයා රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ද විනිසුරුවන්ගේ සංගමයට මූල්‍යමය පරිත්‍යාග,පාසල් ක්‍රීඩකයන්ට රක්ෂණාවරණ වැනි කාරණාවලටද දායක වෙමින් වැදගත් මැදිහත්වීමක් පෙන්වා දීම ද අපි අගය කරන්නෙමු.


එහෙත් ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාව විමධ්‍යගත ස විධිමත් විය යුතු බව පිළිගනිමින්,එය ප්‍රතිපත්තිමය වශයෙන් ද පිළිගත යුතු බවට සිය හැසිරීම්වලින් පෙන්වා දෙන ක්‍රීඩා අමාත්‍යවරයා රගර් ක්‍රීඩාවේදී එම කාරණා ගැන සැළකිල්ල යොමු කරන බවක් පෙනෙන්නට නැත.එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ කිහිපයක බූදලයක් ලෙස පවත්වා ගෙන යාමට ගන්නා උපක්‍රමික මැදිහත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා ද යම් කිසි ආකාරයකින් ආශිර්වාද කරන බව දකින්නට ලැබීම කණගාටුදායකය.
ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් පවත්වන ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා සාකච්ඡා කළ යුතුව ඇත්තේ පවතින ව්‍යවස්ථාවේ බලය පවතින රාමුවේ අවසරය සහිතවය.එහි බහුතර කැමත්ත මත මිස සංශෝධනය කරන්නට හැකියාව නැත.රට අසථාවර වන මොහොතේ රටේ ජනාධිපතිවරයා එක ආසනයක් සහිත පුද්ගලයෙකුට පැවරීම ලෙස අප දක්වන අර්ථ කථනය වැරදිය. ජනතාව සෘජුව කැමත්ත නොඳුන්න ද,ජනතාවගේ කැමත්තෙන් පත් වූ පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමත්ත මත එය සිඳු විය.එම පත්වීම නෛතික සහ බලාත්මක වන්නේ එහි ඇති බහුතර නියෝජනයේ කැමත්ත මත.


එහෙත් මේ මොහොතේ සිඳු කරන්නට උත්සාහ කරමින් සිටින්නේ එම බහුතරය රගර් සමාජයේ නොසළකා හැර ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සමාජ කිහිපයක් ලෝක සම්මේලනය විසින් ගෙන එනු ලබන සංශෝධන යැයි පෙන්වා දෙමින් එම මල් වට්ටියට අත ගැසීමට රගර් හී බලය පවතින වර්ථමානයේ අයිතිය වෙත බලහත්කාරකමක් සිඳු කරමින් සිටීමය.ඊට හේතු ලෙස වැඩිම වගකීමක් ප්‍රධාන පෙළේ රගර් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවලට හිමි විය යුතුය යන්න ක්‍රීඩා අමාත්‍යවරයා ද විශ්වාස කරන බව ඔහුගේ වචනවලින් ඉඟි ලෙස සැපයීම ඛේදයකි.


එම ක්‍රීඩා සමාජ පළමු පෙළ රගර් කණ්ඩායම් හැරෙන්නට ශ්‍රි ලංකා රගර් ක්‍රීඩා කරන විවිධ ශ්‍රේණියේ තරග සඳහා ක්‍රීඩා කණ්ඩායම් ඉදිරිපත් කරනවාද?වසරකට පාසල් හරහා රගර් ක්‍රීඩාවේ අනාගතය වෙත පිදෙන සම්පත් සියල්ලම පළමු පෙළට යොදා ගැනෙනවා ද යන්න ද අප සිතිය යුතුය.පළමු පෙළ දක්වා පියවර ඔසවන තෙක් එම ක්‍රීඩකයින් නැඟී සිටින්නට වාරු කරගන්නා තොටිලි වැට වන්නේ දෙවන කාණ්ඩායේ රගර් ක්‍රීඩා කරන කණ්ඩායම්ය.සමහර විට ඊටත් පහළ ක්‍රීඩා කණ්ඩායම්ය.


එසේම මේ පළමු පෙළ පවතින ක්‍රීඩා සමාජ දැනටත් ලාංකේය රගර් හී ප්‍රධාන පුටුවල බලය ආලේපනය කර ගෙන සිඳු කරන්නේ එම ක්‍රීඩා සමාජවල බලයට අනතුරුක් සිඳු කළ නොහැකි ලෙස පළමු පෙළ තරගාවලිය එම ක්‍රීඩා සමාජවල ආධිපත්‍යය තුළ පවත්වා ගනිමින් අලුත් ක්‍රීඩා සමාජයකට තරග කරන්නට ඉඩ නොදීමය.ජාත්‍යන්තර වශයෙන් පවා විකාශනය වී ඇති ඉකුත් වසරේ දෙවන පෙළ තරගාවලියේ සූරයන් වූ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පළමු පෙළට වද්දා නොගැනීමට ඔවුන්ට ක්‍රීඩා පිටියක් නොමැති බවට කාරණයක් ඉස්මතු කර පෙන්වීමය.ඇත්තම තත්ත්වයනම් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට ද නිල වශයෙන් හිමිකම් ඇති ක්‍රිඩා පිටියක් නැත.මේ නිසා ඔවුන් කුමන හෝ අකාරයක ජාත්‍යන්තර හෝ ජාතික වැඩ සටහනකදී රීඩ් ඇවනිව් පිටිය හෝ මහනුවර ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන්න නිත්තවෙලට හෝ කොළඹ පළමු පෙළ රගර් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයකට අයත් පිටියකට යා යුතුය.
මිට කළකට පෙර ලසිත ගුණරත්න ප්‍රධානව සිටි ශ්‍රී ලංකා රගර් පරිපාලනය සිය දේශපාලනය උදෙසා තීරණාත්මක මොහොතකදී ප්‍රයෝජනයට ගනිමින් මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට ක්‍රීඩා පිටියක් ලබා දෙන බව කිව්වද,එය ඉටු නොවිණ.ඔහුගේ පුත්‍රයා ක්‍රීඩා අමාත්‍යවරයාව සිට තමන්ද නායකත්වය දැරූ රගර් ක්‍රීඩාව වෙනුවෙන් එය ඉටු කරනු ඇතැයි සිතුවද,ඔහු රගර් පරිපාලනයේ ස්වාධීනත්වයට බලපෑම් කර තමන්ට අවශ්‍යය ආකාරයට එය පාලනය කරන්නට උත්සාහ දරා,ආසියාවේ සභාපතිට හේත්තු වි ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව තහනම් කර ගැසට් නිවේදනයක් ද නිකුත් කරන්නට කටයුතු කිරීමය.


එවැනිම ක්‍රීයාවකට මේ මොහොතේ දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුව ද මෙහෙයවමින් සිටින බවක් පෙන්වා දී ඇත.මෙහි නීතිමය තත්ත්වය පවතින ශ්‍රී ලංකා රගර් ව්‍යවස්ථාව යටතේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ ක්‍රියාත්මක ක්‍රීඩාවක් හැටියට එහි නියෝග ද අනුව සිතා අමාත්‍යවරයාට උපදෙස් ලැබෙන්නේ නැත.හරියට දික්කසාදයක් සිඳු කර ජයග්‍රාහි ලෙස සිනාසෙන නීති අංශයක් මිස ක්‍රීඩා අමාත්‍යංශයට කසාදයක් සිඳු කර එක පවුලක් ලෙස සතුටු වෙන මානවීය දැක්මක් නොමැති බව පෙනෙන්නට ඇත.
සෑම ක්‍රියාවකට නීතිය සම්බන්ධ සටහන් මෙන්ම ඒවාට බලපාන අනන්‍ය කාරණාද සැළකිල්ලට ගෙන නීතිමය රාමුව ඇතුළෙ යම් යම් දේ සසල කරන්නට උත්සාහ ගන්නේ ඇයි ද යන්න පිළිබද ගැඹුරෙන් බලන්නට හැකියාවක් මෙවැනි කරුණුවලදී ක්‍රීඩාවේ දේශපාලන සහ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතනයකට සහ අමාත්‍යවරයෙක්ට තිබිය යුතුය.ඒ සඳහා නීතිමය වශයෙන් පාර සැකසීමේදී ද,එය නීතිමය ලෙස පමණක් නොව ඉතිහාසය විසින් උරුම කරන ලද තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන නීතියේ හැඩය තීරණය කළ යුතුය.


දැන් අප මේ මොහොතේ ක්‍රීඩා සමාජ මත විශාල බලයක් ඇත්තේ ඔවුන් විසින් එක කණ්ඩායමක් නඩත්තු කරමින්,ඉහළ සමාජවලට සාමාජිකත්වය ගත හැකි අවන්හල් පවත්වාගෙන යමින්,තින්දු තීරණ ගන්නා පංතිය රොක්වීමේ මධ්‍යස්ථාන ලෙස ඒවා පවත්වාගෙන යන බැවින්ය.ඔවුන්ගෙන් හමුදාවන් සහ පොලිසිය හැරෙන්නට පළමු පෙළ හැරෙන්නට වෙනත් කණ්ඩායම් නඩත්තු කරන බවක් දකින්නට නැත.තීරණ ගන්නා පංතියේ නියෝජනයන් ලෙස ඒවාවල මිනිසුන් ලාභදායී ලෙස අලවාගෙන සිටීම ඔවුන්ගේ අනන්‍යතාවය ය.
රගර් ව්‍යහුය යටතේ පළාත් මට්ටමේ ක්‍රීඩාවන් ඉහළට ගන්නට ජාත්‍යන්තර වශයෙන් සපයන අරමුදල්වල කොටසක් ජාත්‍යන්තරය විසින්ම රඳවා ගන්නේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති දඩ මුදලේ වාරික ලෙසය.එම මුදල එසේ අය කර ගන්නා ලෙස රගර් ක්‍රීඩාවට අවැඩක් වන සේ ක්‍රියා කළ නිලධාරි තබා යාමත්,ඒ කියූ ආකාරයට රටේ රගර් සංවර්ධනය සඳහා වන මුදලෙන් එය අඩු කිරිමට එකඟ වූ ජාත්‍යන්තර නිලධාරියා කවුද යන්නත් අපි මෙහිදි විමසා බැලිය යුතු වන්නෙමු.ව්‍යස්ථාව වෙනස් කරන ලෙස ජාත්‍යන්තර සම්මේලනය වෙනුවෙන් බලපෑම් එල්ල කරන ප්‍රධානියෙක් ලෙස අපට ඩේවිඩ් කැරිගි දැක ගන්නට හැකිය.
ඉතිහාසයට ගිය විට ශ්‍රී ලංකාවේ දඩ මුදල සංවර්ධනය සඳහා දෙන මුදලෙන් අඩු කර ගන්නට එකඟ වූ නිලධාරියා ද,එම කාරණයට සම්බන්ධ වූ නිලධාරීන් නිසා ශ්‍රී ලංකා රගර්වලට සිඳු වූ අපකීර්තිය ගැන අවවාද හෝ දඬුවම් නොකරපු නිලධාරියා ද ඔහුමය.මේ දේශිය සහ විදේශීය පාර්ශව අතර යම් බැදීමක් ඇද්ද යන්න මේ සිඳුවීම් වන ආකාරයෙන් සිතා බලන්නට නොහැකිද? එදා තීරණවලට එකඟව එකට සිටි දෙස් විදෙස් කණ්ඩායමම අද ද ක්‍රීඩා සමාජ කිහිපයක බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් එකට සිටින බව නොපෙනෙන්නේ ද? ඒවා කියවාගෙන ජාත්‍යන්තරයට අවශ්‍යය විදිහට රටක රගර් ව්‍යහුය සැකසීමට යාමේදී මැදිහත් විය හැකි සහ නොහැකි කාරණා ප්‍රබේද කර ගැනීම වැදගත්ය.
විශේෂයෙන්ම රටක ක්‍රීඩා ප්‍රතිපත්තිය හැටියට මේ මොහොතේ වැඩිම අවධානය යොමු කරන්නේ ක්‍රීඩාව ව්‍යාප්තව නැති ප්‍රදේශවලට ඒ සඳහා වන පහසුකම් සම්පාදනය කිරීමය.ප්‍රධාන වශයෙන් නම් කියවෙන ප්‍රභූ සංස්කෘතියේ පටු සීමාවලින් එළියට විහිදෙන ක්‍රීඩාව සිඳුවන වපසරිය පළල් කිරීමය.ඒ ජාතික ප්‍රතිපත්තිය රටේ ක්‍රීඩාවේ පරිපාලනයේ ව්‍යහුයමය අවශ්‍යයතාවයක්නම් කුමන ක්‍රීඩාවක හෝ ලෝක සංගමයට එයට බාධා කළ නොහැකිය. එයට බාධා කරන්නේ ද නැත.එසේම ලෝක ක්‍රීඩා සංගම් රටක ක්‍රීඩාව එම ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩා සමාජ කිහිපයකට බලය පැවරෙන සහ සීමාවන ආකාරයට නීති සම්පාදනය කරන්නට කියූ අවස්ථා ක්‍රීඩා ඉතිහාසයේ තිබේද?සාමාන්‍යයෙන් ලෝක ක්‍රීඩා සංගම් සහ සම්මේලන රටක ක්‍රීඩා පරිපාලනවලට පවසන්නේ ක්‍රීඩාව තව දුරටත් රටේ පැතිරවීම අවශ්‍යය බවය.ඒ සඳහා පළමු පෙළ කණ්ඩායමක් පමණක් තිබෙන ක්‍රීඩා සමාජ කිහිපයකට වැඩි බලයක් ලබා දී ඒ රටේ ක්‍රීඩාව පවත්වාගෙන යන්නට පාර සැකසීමක් ගැන කුමන හෝ ලෝක සංගමයක් කියනවානම්,එය ලෝක සංගමයක ස්වභාවය නොවේය.ලෝක රගර් සම්මේලනය ඒ ආකාරයට රටක ක්‍රීඩාව ක්‍රීඩා සමාජ කිහිපයකට හකුලා ක්‍රියාත්මක කරන්න යැයි උපදෙස් දී ඇති වෙනත් රටවල් තිබේද?
බොහෝ විට ලෝක ක්‍රීඩා පරිපාලන රටවල ක්‍රීඩාව සංවර්ධනය කරන්නේ ඒ රටේ කිසිඳු සමාජ කණ්ඩායමකට අසාධාරණයක් නොවන ආකාරයටය.රටක් සිවිල් යුද තත්ත්වයක් නිසා හෝ වෙනත් මානව හිමිකම් තත්ත්වයක් නිසා හෝ ලෝකයෙන් සම්බාධක පනවා තිබුණත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දියුණු රටවල සහයෝගය ගෙන එම රටවල දක්ෂ ක්‍රීඩකයින්ට යටපත් වෙන්න නොදී සරණාගත මට්ටමෙන් ඔවුන්ට කණ්ඩායමක් සකසා ගන්නට ඉඩ අවස්ථාව සළසා දෙන්නට කටයුතු සකස් කරන්නේය.


ඔලිම්පික් ක්‍රීඩාවක් වන රගර් ක්‍රීඩාවද මේ සාර ධර්මවලින් බැදී සිටින්නේය.උදාහරණයකට මෝ මුස්තාෆා වැනි සරණාගත ක්‍රීඩකයින් ජාත්‍යන්තර පිටියට එන්නේ ද,ක්‍රීඩාවේ ඉඩ ලෝකය තුළ පුළුල්ව පතුරුවා හැරීමට ගනු ලබන තීරණවලින්ය.එවැනි තත්ත්වයක විශේෂ බලපෑමක් කර රටකට තමන්ගේ රග්බි ක්‍රීඩාවේ පරිපාලනය තිබෙන තත්ත්වයට වඩා පටු සීමාවන්ට යටත් කරන්න යැයි ඉල්ලා සිටිනවා යැයි කීම ගැටළුවක්ය.ක්‍රීඩා අමාත්‍යංශය හෝ පරිපාලනය විශාල වශයෙන් සෑම ක්‍රීඩාවකම පැතිරි තිබෙන වර්ගපලය විශාලනය කර පහසුකම් සංවර්ධනය කර සැඟවුණු දක්ෂතාවන් සහිත ප්‍රජාව ක්‍රීඩාව වෙනුවෙන් සොයා ගත යුතු බව විශ්වාස කරද්දී,ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශය රගර් ක්‍රීඩාවේදී ද ඒ දේ ක්‍රියාත්මක කරන්න නීතිමය වශයෙන් ඇති ඉඩ නොපෙන්වා ලෝක සංගමය කියන්නෙ මෙහෙමයි,එහෙම කරේ නැත්නම් තහනම් වෙයි අමාත්‍යවරයාවත් නොමඟ යවනවානම් එය ක්‍රීඩාවේ බදීම තහවුරු කර,පවුලක් වශයෙන් ශක්තිමත් කිරීම වෙනුවට එම නීති අංශය උපයන්නේ දික්කසාදයන්ගෙන්ය.මෙය නරක තත්ත්වයකි.


මේ මොහොතේ සෑම ක්‍රීඩාවකටම පරිදි රගර්වලට ද අවශ්‍යය වන්නේ ක්‍රීඩාවේ සිටින සුදු අලින්ගේ ද හොඬ මදක් කොට කර තවත් අයට ක්‍රීඩාවට පිවිසෙන්න ඇති ඉඩ පළල් කිරිමය.ඒ සඳහා ක්‍රීඩා පිට්ටනියක් නැතුව පළමු පෙළ ගහන්න බැහැ වැනි බොළඳ කතා නොකියා පළමු පෙළ අවසාන කණ්ඩායම දෙවන පෙළටත්,දෙවන පෙළ පළමු තැනට එන කණ්ඩායම පළමු පෙළට උසස් කරන රටාවක් හැදීමය.එය ක්‍රීඩාවේ යහපතට හේතු වනු ඇත.දැන් උත්සාහ වෙමින් තිබෙන්නේ ක්‍රීඩා සමාජ කිහිපයත බූදලයක් බවට පළමු පෙළ පත් කර ඒවාට සමස්ත ක්‍රීඩාවේම වෙනත් නැගිටීමක් ඇති නොවන පරිදි සෑම මොහොතකම ඉහළින් සිටින්නට පාර සැකසීමය.මේ ව්‍යවස්තා වෙනස නමින් ගෙන එනු ලබන්නේ එය තව ශක්තිමත් කර ඊට විරුද්ධව කතා කරන ප්‍රාදේශීය සංගම්වලට විරුද්ධ වෙන්න සහ අදහස් දක්වන්න තියෙන අයිතියද නැති කර දමන්නටය.
ඉහත වෙනස්කම් සඳහා අවශ්‍යය නීතිමය කරුණු ශ්‍රී ලංකා රගර් වෙත රටේ ක්‍රීඩා ප්‍රතිපත්තියේ අවශ්‍යය සංශෝධන සඳහා යනුවෙන් ලෝක සංගමයට දැණුම් දී ක්‍රීඩාවේ ව්‍යාප්තිය පුළුල් කරන්නට අවශ්‍යය සංශෝධන සඳහා මැදිහත්වන බව ලෝක සංගමයට දක්වනු විනා මේ දැනට තියෙන විහිද තිබීමද හකුළුවා රටේ සමස්ත ක්‍රීඩාව කීඩා සමාජ කිහිපයක බූඳලයක් කිරීම නොකළ යුතුය. උඩින් පහළට යම් කණ්ඩායමක් වැටෙන්නේ සාපේක්ෂ දුර්වලතා බහුල වන නිසාවෙන්ය.එම තත්ත්වය නැවත සකසා ගෙන ඉදිරියට ඒමට සහ දෙවන පෙළ දක්ෂයන්ට පළමු පෙළට එන විදිහට සෑම වසරකම පළමු පෙළ සහ දෙවන පෙළ දක්ෂතා සළකා ක්‍රීඩා කරන පළමු පෙළ සහ දෙවන පෙළ රගර් තරගාවලිය නියෝජනය වෙන ක්‍රීඩා සමාජ තීරණය විය යුතුය.මෙැවනි තරගකාරී ක්‍රීඩාවේ ගුණාත්මක තත්ත්වය ඉහළට එසැවෙන තැනකට ක්‍රීඩාව ගෙන යාමට දායකවීම ක්‍රීඩාවට ආදරය කිරීමය.එසේ නොවී තමන්ගේ බුමුණු කුල රැකගෙන සදාකාලිකව එහි ස්ථාවරව සීටීමේ අයිතිය රැකගෙන සමස්ත ක්‍රීඩාවම තමන්ට අවශ්‍යය විදිහට හසුරුවන ක්‍රමයකට යාම කරන්නට උත්සාහ ගන්න ව්‍යවස්ථා වෙනසේ අපේක්ෂාවය.


පළාත් මට්ටමේ ක්‍රීඩා සංවර්ධනයට ඇති මුදල්,තමන්ගේ නීති විරෝධි ක්‍රියාවලට හිලව් ලෙස රටේ රගර්වලට අහිමි කර සිටින අයගෙන් අය කර එම මුදල් සංවර්ධන කටයුතුවලට යොදවන්නට හැකි ක්‍රමයක් සහ නීතිමය මාර්ගයක් කල්පනා නොකර,නීතිය වරදකරුවන්ට ඕනි විදිහට නවන්න දෙන ඔවුන්ගේ අවශ්‍යයතාවය නීතිය කරන රටේ අමාත්‍යවරු,අමාත්‍යංශ නිලධාරීන් නොමඟ යවන පිරිස් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන මීට වඩා බරපතල විදිහට සිතිය යුතුව ඇත.නැත්නම් එම දරුවන්ට මුහුණ දීමට නොහැකි වන අන්දමට රටේ ප්‍රබල ක්‍රීඩාවක් හකුළුවා විනාශ කිරීමට දායක වූවන් හැටියට ඊ ළඟ පරම්පරාව තමන්ගේ තාත්තාලාට වෛර කරනු ඇත.ප්‍රතික්ෂේප කරනු ඇත.

පළමු ඡායාරූපයේ සිටින්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ලෝක සම්මේලනයේ ඩේවිඩ් කැරිගි ය.දෙවන ඡායාරූපයේ සිටින්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ නීතිඥ චන්දිමාල් මෙන්ඩිස් ය.මෙහි නීතිමය තත්ත්වය ජාත්‍යන්තර අත්දැකීම් සමඟ ලංකාවේ පවතින් රගර් ක්‍රීඩාවට සාපේක්ෂව පුළුල් ලෙස පැතිර යන්නට හැකි තැනකට පත් කිරීම මිස,ක්‍රීඩා සමාජ කිහිපයක් වෙනුවෙන් හකුළුවා රටේ රගර් ක්‍රීඩා සමාජ කිහිපයක උවමනාවට හැකිලෙන්න නොදි අවශ්‍යය වැඩ කටයුතු කරන්න පැවරී තිබෙන්නේ ඔහුටය.
www.sportwaynews.com වෙත පිවිස තවත් ක්‍රීඩා තොරතුරු නරඹන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan