ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට්ටුවක්!

0
289

සටහන – රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ (LNW):

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මං මාවත් පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අති විශේෂ සේවාවන් බව එම ගැසට් නිවේදනය සඳහන්වේ.

මීට ඉහතද ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකුත් කර තිබූ අතර නව ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කර තිබිණ.