එජාප නායකයින් බලය ලැබෙන විට පළා යන්නේ නෑ – ජනපති රනිල්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW):

එක්සත් ජාතික පක්ෂය නායකයන් තැනුවේ රට වෙනුවෙන් වැඩ කිරීමට මිස බලය ලැබෙන විට පළා යාමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කල අතර, රට ගොඩනැගීමට සමගි ජන බලවේගය සහාය දෙන්නේ නම් තහනම් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යළි ලබාදීමට තමා සුදානම් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන්, එක්ව ජයගමු ජන හමු මාලාවේ මහනුවර දිස්ත්‍රික් ජන හමුව අද පස්වරුවේ පැවැත්වුණු අතර, මැති ඇමතිවරුන්,  මහජන නියෝජිතයන් ඇතුලු විශාල ජනතාවක් එක්ව ජයගමු මහනුවර අපි ජන හමුවට එක්ව සිටි බව සඳහන් වේ.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දූෂණයට එරෙහිව හඩ නැගීමට පෙර පාසල්වලට නොමිලේ බස් රථ ලබාදීමට වැයවන මුදල් සොයා ගන්නේ කෙසේද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටට හෙළි කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...