එජාප නායකයින් බලය ලැබෙන විට පළා යන්නේ නෑ – ජනපති රනිල්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW):

එක්සත් ජාතික පක්ෂය නායකයන් තැනුවේ රට වෙනුවෙන් වැඩ කිරීමට මිස බලය ලැබෙන විට පළා යාමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කල අතර, රට ගොඩනැගීමට සමගි ජන බලවේගය සහාය දෙන්නේ නම් තහනම් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යළි ලබාදීමට තමා සුදානම් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන්, එක්ව ජයගමු ජන හමු මාලාවේ මහනුවර දිස්ත්‍රික් ජන හමුව අද පස්වරුවේ පැවැත්වුණු අතර, මැති ඇමතිවරුන්,  මහජන නියෝජිතයන් ඇතුලු විශාල ජනතාවක් එක්ව ජයගමු මහනුවර අපි ජන හමුවට එක්ව සිටි බව සඳහන් වේ.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දූෂණයට එරෙහිව හඩ නැගීමට පෙර පාසල්වලට නොමිලේ බස් රථ ලබාදීමට වැයවන මුදල් සොයා ගන්නේ කෙසේද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටට හෙළි කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...