SLITT එක ගැන කෝප් කමිටුවෙන් තීරණයක් ගනී!

Date:

කොළඹ LNW:මහපොළ අරමුදලට අයත් වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පසුගියදා නිර්දේශ නිකුත් කර තිබේ.

එම ආයතනය පුර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව සිදුවී ඇති බව පැහැදිළි වන හෙයින් නැවත එය මහ පොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට නෛතික පියවර ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් සභාපති වෛද්‍ය නිශාන්තසමරවීර මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිර රාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ට නිර්දේශ කළේය.

2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය විමර්ශනය සඳහා ලලිත් ඇතුළත් මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 09 වැනිදා කැඳ වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දී තිබුණි.

2015 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ඇති කරගත් ගිවිසුමකට අනුව එවකට සිටි අමාත්‍යවරයාගේ අනුදැනුම මත එම වත්කම පවරාගත් ආකාරය නීති විරෝධි බවට එහිදී දීර්ඝ ලෙසසාකච්ජා විය.

මේ සඳහා රු. මිලියන 408ක මුදලක් SLIIT ආයතනය විසින් මහපොළ අරමුදලට ගෙවා ඇති බවත් අරමුදලටම අයත් ආයතනයක් විසින් අරමුදලට මෙම මුදල ගෙවා අයිතිය ලබා ගැනීම ගැටලු සහගත බවයි කෝප් කමිටු සාමාජිකයින් පෙන්වා දී තිබුණේ.

ඒ අනුව මෙහිදී වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදීම මගින් ඉදිරියට හෝ මෙවැනි අනීතික සහ වංචනික ක්‍රියාවන් නැවැත්විය යුතු බව කෝප් සභාපතිවරයා අවධාරණයකරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...