“ සිරසර ශිල්ප 2025 ’’ කුසලතා ප්‍රදර්ශනය මෙම මස 15, 16 සහ 17 යන දිනවලදී!

Date:

රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

පුනරුත්ථාපන ක්‍රියාවලියේ සුවිශේෂි වු අංගයක් වූ බන්ධනාගාරගත නේවාසිකයින්ගේ කුසලතා, හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් බන්ධනාගාර රැඳවුවන්ගේ නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ කුසලතා ප්‍රදර්ශනය මෙම මස 15, 16 සහ 17 යන දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (15) දින පෙරවරු 9.00 ට ප්‍රදර්ශනය ආරම්භ වේ. මෙරට බන්ධනාගාර 28 ක රැඳවුවන්ගේ කලාත්මක කුසලතා නිර්මාණ මෙහිදී මිලදී ගැනීමේ හැකියාව පවතියි.

බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය වන කාලසීමාව තුළදී ඔවුන් සතුව පවතින දක්ෂතාවයන් අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය,සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, විවින් අංශය, මැහුම් අංශය සහ පාවහන් අංශය ඇතුළු විවිධ අංශ සදහා යොමු කරන අතර, එහිදී ඔවුන් සකස් කරනු ලබන භාණ්ඩ සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...